Print this Article


සිඳී ගිය මෙත් ගඟුළ – උදම්මිට නා සමිඳු

සිඳී ගිය මෙත් ගඟුළ – උදම්මිට නා සමිඳු

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ වැඩ බලන මහා නායක ධුරන්ධරව වැඩ විසූ උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධීශ්වර අති ගෞරවණීය උදම්මිට අස්සජිතිස්ස මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙනි!

නික්මී ගිය ද දිනකර ලොවැ එළිය කර
සැක නැහැ යළිදු පායයි කළු දෙබෑ කර
නා සමිඳුගේ සවිමත් හඬ අරුත් බර
සුදිලෙන තරු විලස පායයි හද අඹර

රන්දා මිනිස්කම ශ්‍රාවක හද පත්ල
සිඳී ගියත් කරුණාබර මෙත් ගඟුල
සත්‍ය වදන් පද නාහිමි නිති මතුළ
සැමදා ගිගුම් දෙයි උත්තම වෙහෙර තුළ

හදවත ලස්සනයි නෙත්සිත් ගත් මලට
කෙසරිඳු පසුබසියි නා සමිඳුගෙ හඬට
උත්තම ගුණය පෙන්වා ලොවට ම හැඩට
සමුගෙන වැඩියෙ උත්තම මිනිසකු ලෙසට

පින්සරු වුණෙමු නා සමිඳුන් දැක ගන්ට
බැහැ ගුණවරුණ මට වදනින් පවසන්ට
උපදින බවේ හමුවේවා හිමි අපට
අමර නිවන් සුව අප නා සමිඳුන් ට

නිවනට යන්නෝ අද හරි විරලයි
අපා දකින්නෝ නම් අද බහුලයි
මදහස පාමින් පැවසූ වදනයි
නාහිමි උපදෙස සැමදා මතකයි