Print this Article


වලස්මුල්ල ශී‍්‍ර විජයාරාම පුරාණ රාජමහා විහාරය

වලස්මුල්ල ශ්‍රී විජයාරාම පුරාණ රාජමහා විහාරය

වලස්මුල්ල හඳුගල ශ්‍රී විජයාරාම පුරාණ රාජමහා විහාරයේ දෙමහල් ධාතු මන්දිරය විවෘත කිරීමට සමගාමීව සිදුකෙරෙන පින්කම් මාලාව හඳුගල ශ්‍රී විජයාරාම විහාරාධිපති කොළඹ සල්පිටි කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොළඹ බොරුපන සාමවිහාරාධිපති ශ්‍රී සද්ධර්ම කීර්ති ශ්‍රී පුවක්ගහහෙන වජිරඥාන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 වැනි දා සිට 06 වැනි දා දක්වා ඓතිහාසික ශ්‍රී විජයාරාම පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවැත්වුණි.

දිනපතා අටවිසි බුද්ධ ප්‍රතිමා 28ක් පූජා කිරීම, අටපිරිකර 28ක් පූජා කිරීම හා දිනපතා මල් පෙරහරක් ද සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබූ අතර දිනපතා අටවිසි බෝධිපූජා සහ සුමධුර ධර්ම දේශනා ද සිදුවිය. සතර පේරුවේ දායක දායිකා පින්වතුන්ගේ අනුග්‍රහයෙන් සිදුකරනු ලැබූ එම පින්කම් මාලාව සඳහා විශේෂයෙන් නෙළුම් මල් සහ වන පස මල් බඳුන් පිදීම ද සිදුවිය.

හඳුගල ශ්‍රී විජයාරාම පුරාණ රාජමහා විහාරයේ දෙමහල් ධාතු මන්දිරය විවෘත කිරීමේ පින්කම් මාලාව හඳුගල ශ්‍රී විජයාරාම විහාරාධිපති හිමියන් සහ විහාරස්ථ දායක සභාව විසින් මෙම කටයුත්ත සිදුකළහ.