[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තැනට සුදුසු නුවණ

තැනට සුදුසු නුවණ

නිපක යන ගුණය කෙනකුට ජන්මයෙන් ම උරුම වන්නක් නොවෙන්නට පුළුවනි. යම් පමණකට නුවණැතිව උපන් පුද්ගලයා එය වඩා වර්ධනය කර ගතයුතු ගතිගුණයක් කියලා කියන්නට පුළුවනි.

එය වැඩි දියුණු කර ගැනීමේ ක්‍රම කීපයක් තිබෙනවා. එහි දී කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර වඩාත් ම වැදගත් වෙනවා. එවැනි කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර නිසා එම කල්‍යාණ මිත්‍රයන් යම් යම් අභියෝගාත්මක කරුණු ඉදිරිපත් වුණහම ඒවා මධ්‍යස්ථව භාර ගෙන ඊට අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් පිළිබඳ විමසිලිමත් වීම වැදගත් වෙනවා. එම අවස්ථාවන්හි දී එම අභියෝග ජයග්‍රහණය දක්වා බාධක කර නොගෙන විජයග්‍රණයන් හිමි කර ගැනීමට එම කලණ මිතුරන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ විමසිලිමත් වී මනා සතියකින් යුක්තව පියවරෙන් පියවර එසේ ගත් පියවර සිහිතබා ගෙන ක්‍රියාකාරීවීම, වගේම එල්ලවන අභියෝග හමුවෙහි දී භාවිතයට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව විමසිලිමත් වීම ද මෙහි දී වැදගත් වෙනවා.

එමෙන්ම යම් ගැටලු සහගත තත්වයක් ඇති වූ විට මේ ලෝකයේ ජිවත්වන ඇතැම් පුද්ගලයන් එවැනි ගැටලු තත්වයන්ට මුහුණ පා ක්‍රියා කළ ආකාරය අද අපට වහ වහා දැන ගැනීමේ සන්නිවෙදන ජාලා පුළුල්ව තිබෙන නිසා ඒවා දැන ගෙන, ඒවා තමන්ගේ අත්දැකිම් බවට පත් කර ගෙන, ක්‍රියා කිරීමේ හැකියාව පවතින නිසා ද තැනට සුදුස නුවණ යොදා ගැනීමේ අවස්ථාව සැලසෙනවා. මෙහි දී පොතපත කියවා ලබා ගන්නා දැනුම මෙන්ම දෙස් විදෙස් සංචාර මගින් ඇති කර ගන්නා අත්දැකීම් ද මේ තැනට සුදුසු නුවණ මුවහත් කර ගැනීමේ ක්‍රියාවලියට මහත් ශක්තියක් බවට පත් වෙනවා.

ළමුන්ගේ අවශ්‍යතා විෂයයෙහි මව්පියන් ලවා වුව ද කැපසරුප් දේ ඉටු කරවා ගැනීමට දරුවන් ක්‍රියා කිරීමේ දී දරුවන්ගේ හික්මීම,

කීකරු බව සෙනෙහෙබර ස්වභාවය නිසා දරුවන්ගේ අවශ්‍යතා ඉටු කර දෙන්නට නිතරම දෙමාපියන් වුවත් නොයෙක් නැතිබැරිකම් තිබුණත් ක්‍රියා කරන්නේ ඒ දරුවන්’ හෝ ශිෂ්‍යයන් තැනට සුදුසු නුවණින් ක්‍රියා කළ තරමට යි යන්න මෙහි දී අප විසින් සිහිකටයුතු වෙනවා.

ශිෂ්‍යයන් හදන වඩන ගුරුවරුන් කෙරෙහි වුව ද මේ කරුණ මේ ආකාරයෙන් ම බලපාන බව පැවිදි පක්ෂයේ අය විසින් ද මැනවින් වටහා ගැනිම මේ අවස්ථාවේ දී වැදගත් වන බව ප්‍රකාශ කරන්නට හැකි යි.

මේ කරුණ තවදුරටත් ප්‍රකාශ කරනවා නම් ගෝලබාලයන් තමන්ගේ ගුරුවරුන්ගෙන් හෝ දරුවන් තමන්ගේ දෙමාපියන්ගෙන් හෝ යම් සාධනිය අවශ්‍යතාවත් ඉටු කරවා ගැනීමේ දී එම වැඩිහිටි ගුරුවරුන් මව්පියන් බොහොම සැනසිල්ලේ විවේකව සිටින අවස්ථාවල දී මෘදු මොළොක් ලෙස කරුණු ඉදිරිපත් කොට එම අවශ්‍යතා ඉටු කරවා ගන්නේත් මේ ශිෂ්‍යයන්ගේ හෝ දරුවන්ගේ තැනට සුදුස නුවණ මෙහෙයවා ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව ද මෙහි දී සිහි කටයුතු වෙනවා.

මැදින් අව අටවක

මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.20 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.43 න් ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]