Print this Article


කඩවත කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

කඩවත කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

කොළඹ නුවර මහාමාර්ගයේ කඩවත නගරය පසුකොට කි.මී. 5ක් පමණ නුවර දෙසට යන විට හමුවන කිරිල්ලවල ප්‍රදේශයේ ඉඳිගහමුල මංසන්ධියෙන් උඩුපිල දෙසට කිලෝ මීටරයක් පමණ යන විට සුන්දර ගම්මානයක පිහිටි මෙම විහාරස්ථානය හමුවේ.

මෙම විහාරස්ථානයේ ආරම්භය 1900 වර්ෂය තෙක් දිවයන දිගු ඉතිහාසයකට හිමිකම කියන උතුම් පූජනීය ස්ථානයකින් බව ඓතිහාසික මූලාශ්‍රවලින් පෙන්වා දෙයි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර බෝධින් වහන්සේ නමක් රෝපණය කරමින් ආරම්භ කරන ලද විහාරස්ථානය අද වන විට මනරම් බුද්ධ මන්දිරය, ධාතු මන්දිරය, ධර්මශාලා ආදී සියලු විහාර අංගයන්ගෙන් සමන්විත වේ.

විහාරාධිපති ලෙස කටයුතු කරන මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති ඕනෑගම නන්දරතන හිමියෝ මෙම විහාරස්ථානයේ අභිවෘද්ධියට කටයුතු කරමින් සිටී. උන්වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වනු ලබන සිරි සිදුහත් දහම් පාසල ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමටත් සාරධර්ම ගුණධර්ම දියුණුකර ගැනීමටත් මහඟු පිටුබලයක් වී ඇත.

සෑම පොහොය දිනකම පවත්වනු ලබන සීල සමාදාන පින්කම සහ සෑම සතියක ම සෙනසුරාදා සහ පොහොය දිනයේ පවත්වනු ලබන දෙතිස් වෑංජන සහිත උතුම් බුද්ධ පූජා පින්කම ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනයට මහඟු මෙහෙයක් ඉටුකරනු ඇත.