Print this Article


යොවුන් දහම් සක්මන

යොවුන් දහම් සක්මන

විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනඟනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී සොඳුරු තාරුණ්‍යය දහම තුළින් සුවපත් කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්‍රද්ධා රූපවාහිනිය එක්ව සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන’ සදහම් වැඩසටහන පෙබරවාරි 11 වැනි දින 10000කට අධික තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දී අතිසාර්ථකව නිමාවට පත් විය. මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු මෙම වැඩසටහන අඛණ්ඩව පැය 5කට ආසන්න කාලයක් පැවැත්විය.

 2016 වසරේ සිට අඛණ්ඩව සිදුකරන යොවුන් දහම් සක්මන මෙවර මහනුවර කේන්ද්‍ර කර ගනිමින් කුණ්ඩසාල මහමෙව්නාව අසපුවේ දී පැවැත්වීම සුවිශේෂි විය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ තරුණියන්ගෙන් පිරී ඉතිරී ගිය කුණ්ඩසාල අසපුව යහපත් අනාගතයක් වෙනුවෙන් සිහින දකින තාරුණ්‍යයට නිවැරැදි දැක්මක් එකතු කළේ ය.