Print this Article


සසුන් කෙත පොබ කළ වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නා හිමි

සසුන් කෙත පොබ කළ වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නා හිමි

1941 සැප්තැම්බර් මස 17 වැනි දින මහනුවර දී ජන්ම ලාභය ලද අප නාහිමිපාණන් වහන්සේගේ ගිහි නාමය දුනුවිල මුදියන්සේලාගේ ටි~~¨p‰ »Yl »r£t Y…කිරි බණ්ඩා විය.

1956 පෙබරවාරි 16 වැනි දින වල්ගොව්වාගොඩ ශ්‍රී ජිනරතන සහ මල්වතු මහා විහාරයීය ලේඛකාධිකාරි යටිගම්මන ශ්‍රී මේධංකර විමලඥාන යන නා හිමිවරු ගුරු කොට මෙයියාගොඩ විහාරස්ථානයේ දී පැවිදි බිමට පත් විය.

වර්ෂ 1986 දී මල්වතු මහා විහාරයීය වින්සත්වර්ගික කාරක මහා සංඝ සභාවේ සභික ධුරයට පත් වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නා හිමියෝ 1992 දී මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනේ පරිවේණාධිපති ධුරයට පත් වූහ.

වර්ෂ 2004 ඔක්තෝබර් 23 වන දින මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ධුරයට පත්වන අප නා හිමියන් 2008 වර්ෂයේ දී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ තේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට භාග්‍ය හිමිකර ගත්හ.

80 වසරක් ආයු වළඳා අපවත් වී වදාළ අප නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනය කරමු.

ආනන්ද විජේරත්න