Print this Article


පමා නොවී ...

පමා නොවී ...

පෙර කළ පින් මහිමෙන්
රුදු සසරේ
පින්කෙත ඉපදුණ
ලෝ මනු සතුනේ
අපායගාමී අන්ලෝ සතහැම
මිනිසත් බව ලැබ ගන්නේ කෙදිනද

ලොව සොඳුරම දේ
දැකුමට නෙත් අඳ
සදහම් ඇසුමට
සවන් බිහිරි වුණ
සුවහස් ලෝ සැම
නෙක දුක් විඳිනා

වැපුරූ පින් පව්
බිජුවට සසරේ
ඵලදාවයි අප
නෙළන්නෙ කෙටි කල
අනියත ලෝ දම
දැක ගනු මැන නිති

කණ කැස්බෑවා
අහස දකින සේ
දුලබ මිනිස් බව
ලැබ ගත් මිනිසුනි
වහා නිවන් මඟ
පිවිසෙමු නොපැකිල