Print this Article


දුරුතු පෝය

දුරුතු පෝය

සම්බුදු පදවි ලැබ නව මාසයක් ගෙවී
තිබුණ දුරුතු පසළොස්වක උදාවී
මහියංගනේ නා යක් දෙපිරිස එක්වී
පැවතුණි දරුණු සටනක් වෛරය මුල්වී

මෙත් සිත දරා බුදුහිමි එහි වැඩිසේක
යක් නා පිරිස හට සදහම් දෙසු සේක
එම දම් ඇසු සමන් සුරිඳුන් නිරා දුක
දුරුකොට සෝවාන් ඵල ලැබගත් සේක

සමන් දෙවිඳු ලැබගෙන සෝවාන් ඵල
පූජා වස්තුවක් ඉල්ලා සිටිය කල
හිස පිරිමැද දුන්නු කෙස් නිදන් කළ
මියුගුණ මහ සෑය බැබළෙයි ගගන තුළ