Print this Article


වඳිමු පුදමු සැමදා අපි ජයසිරි මහ බෝධී

වඳිමු පුදමු සැමදා අපි ජයසිරි මහ බෝධී

දහස් ගණන් මහ රහතුන් පිරිවරලා බෝධි
ඔටුන් පලන් රජ දරුවන් පිරිවරලා බෝධි
සුගන්ධ ධූපයෙන් පුදලා පැදකුණු කර බෝධි
පෙළහර පාමින් වැඩ සිටිසේක එදා බෝධි

සත් දවසක් පූජාකොට පිදුවා ඒ බෝධි
සඝමිත් තෙරණිය දෑතට වැඩමෙව් ඒ බෝධි
නැව් නංවා ගෙලවට තෙක් දිය බැස පිදු බෝධි
තෙවරක් දඹදිව් දම් සෝ නිරිඳු පිදුව බෝධි

අනුරාපුර දෙව්පියතිස් රජ පිළිගත් බෝධි
පුද පෙරහර සමඟින් වැඩමෙව්වා ඒ බෝධි
රෙහෙනිය නැකතින් සිටුවා ගරු කළ ඒ බෝධි
මහමෙවුනා පින්බිම වැඩ සිටින අපේ බෝධි

නේක උපද්දව හමුවෙහි වැජඹෙන ජය බෝධි
අට ඵල රුහ නඟා සිටුව ජයසිරි මහ බෝධි
නිර්මල බුදු සසුන රකින උත්තම අප බෝධි
වඳිමු පුදමු සැමදා අපි ජයසිරි මහ බෝධි