Print this Article


මනු දිවිය

මනු දිවිය

දෙකඩව සිඳීගිය වියගස මුහුද මැද
පෑහී දිනක ඒ ජල රැලි අතර වැද
කැස්බෑ ඇසට අසුවී ලොව බලන සඳ
තරමට අසීරු ය ලද මනු දිවිය අද

දුක්විඳ ලබන මිනිසත් බව රැක ගන්න
දැන ගත් දින සිටම සුදනනි සැරසෙන්න
කවුරුන් වෙහෙසුණත් යන මඟ සරසන්න
කිසිදින එපා දුදනන් යන මඟ යන්න