Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙ.ව. 06.00 - 6.30 සීල සමාදානය 06.30 - 7.00 උදෑසන බුද්ධ පූජාව, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි , 08.00 - 9.00 ගුවන්විදුලි ධර්මදේශනාව කොලොන්නාවේ ශ්‍රී බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද හිමි, 09.00 -10.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 11.00 -11.30 දිවා බුද්ධ පූජාව - ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ඇතිමලේ සීලානන්ද හිමි, ප.ව. 12.15- 2.00 සීල භාවනා සමිතිය, 02.00 -3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 -4.00 ධර්ම දේශනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 05.00 - 6.00 භාවනා - ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 -7.00 ගිලන්පස බුද්ධපූජාව, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 -8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව, ගම්පහ බැන්ඩියමුල්ලේ ශ්‍රී විද්‍යාශේකර පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි.

සිරි වජිරාරාමය – බම්බලපිටිය

පෙ.ව. 06.00 -7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි, 08.00 - 9.00 ධර්මානුශාසනාව – ගෞරව ශාස්ත්‍රවේදී කැලණියේ සාසනවංස හිමි, පෙ.ව.9.00 -10.00 ධර්මානුශාසනාව මහානාම විදුහලේ ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී සියඹලාගොඩ ධම්මින්ද හිමි. පෙ.ව.10.00 - 11.15 භාවනාව, අනුශාසනාව හා සම්බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී රාජාංගනේ සීලවිමල හිමි, ප.ව. 12.30 -1.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමාධිකාරි සිරි වජිරාරාම දහම්පාසල් අධ්‍යක්ෂ , කඹුරුගමුවේ මහානාග හිමි,

පස්වරු 0.15- 02.30 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00 -4.00 භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පිටිපන සාසනරතන හිමි, ප.ව.4.00 -5.00 ධර්මානුශාසනාව කුඹුක සිරි වජිරඤාණ ධර්ම නිකේතන විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ගල්කිස්සේ සෝමානන්ද හිමි, ප.ව. 05.00 - 6.00 ධර්මානුශාසනාව –මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ උප ප්‍රධානාචර්ය ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත වේරදුවේ මහින්ද හිමි, ප.ව. 06.00 - 6.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා

සිරි වජිරඤාණ ධර්මායතනය

– මහරගම තරුණසීල සමාදානය

පෙ.ව. 06.00 -7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නාහිමි 08.00 -9.00 භාවනාව – කොත්මලේ ඤාණවංස හිමි, 09.00 -10.00 ධර්ම දේශනාව, හැඳල දමිත හිමි, 10.00 -11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි

පස්වරු 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ – අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව – ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම – මහාචාර්ය නිමල් හෙට්ටිආරච්චි මහතා ,03.00 -4.00 ධර්ම දේශනාව – ගම්පහ පාසාදික හිමි, 4.15 - 5.00 ධම්මපදය – ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 -6.00 ධර්ම දේශනාව, දියතලාවේ පියදස්සි හිමි, 6.00 -6.30 බෝධි පූජාව මෙහෙයවීම – ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නාහිමි

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙ.ව. 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, පෙ.ව. 08.00 - 09.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි, පෙ.ව. 09.00 - 10.00 ධර්ම දේශනාව - කොළඹ විශ්වව්ද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, පෙ.ව. 10.00-11.00 සූත්‍ර දේශනාව- රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, පෙ.ව. 11.00-11.15 බුද්ධ පූජාව - පොලොන්නරුවේ විමලසිහ හිමි, බුලත්සිංහල සුවචධම්ම හිමි.

ප.ව. 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ - සෙල්ලකතරගම සන්තිද හිමි, වැලිගෙපොල සුගතවංස හිමි.

ප.ව. 01.00-02.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි,

ප.ව. 02.00-03.00 ධර්ම දේශනය - හෝමාගම ධම්සෙවණ මධ්‍යස්ථානාධිපති හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යලයේ ආචාර්ය රාජකීය පණ්ඩිත ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මාවතගම පේමානන්ද හිමි, ප.ව. 03.00-03.45 ධර්ම දේශනාව- කොබෙයිගනේ ධම්මදස්සි හිමි,

ප.ව. 04.00-05.00 ධර්ම දේශනාව - අතුරුගිරිය සම්මාසමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඇඹිලිපිටියේ ආනන්ද හිමි, ප.ව. 05.00-06.00 ධම්ම පදය- ශාස්ත්‍රපති පණ්ඩිත වතුරගම ධම්මජීව හිමි, ප.ව. 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි.

කොබවක ශ්‍රී සුමනාරාමය

පෙ.ව. 08.30 ට ධර්ම දේශනාව - බෝතලේගම ශ්‍රී ධර්මපාලාරාමය හා රැටියල සුධර්මාරාමය යන උභය විහාරාධිකාරි කුඩලිගම සෝරත හිමි, පෙ.ව. 09.30ට සදහම් වන්දනාව හා දහවල් බුද්ධ වන්දනාව , හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ.

ප.ව. 01.30ට භාවනා වැඩසටහන වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, 3.00 ට ධර්ම දේශනාව කළුතර නාගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය පහළ නාරගල ශ්‍රී සුවිශුද්ධාරාමය යන උභය විහාරාධිපති නාගොඩ ධම්මවංස හිමි. ප.ව.6.00 ට ගිලන්පස බුද්ධ පූජාව, බෝධි පූජා පින්කම කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිකාරි රැටියල ශ්‍රී ධම්මාලෝක පිරිවෙණේ ධර්මාචාර්ය වීරියගම අනුරුද්ධ හිමි

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූමහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා පවත්වනු ලබන ප්‍රණීත ක්ෂීරපායාස පූජාව, පෙරවරු 6 -7 සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව, 8 -9 ධර්ම දේශනාව, කැලණියේ අජිත හිමි, 9.30 -10.30 ධර්ම දේශනාව පුහුල්වැල්ලේ සාරද හිමි, 10.30- 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 -1.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, 3.00 - 4.00 ධර්ම දේශනාව මිරිස්සේ ධම්මික හිමි, 4.00 -5.00 ධර්ම දේශනාව, තලගල ධම්මගවේෂී හිමි සහ අසූමහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා ප්‍රණීත ගිලන්පස පූජාව, මෙවර ධර්ම දානය පිණිස බුදුසරණ පුවත්පත බෙදා දෙන්නේ බිමල් මහතාට පින් පිණිස ය.

වේහැල්ලේ වේළුවනාරාමය

දික්වැල්ල වේහැල්ලේ තෝරපිටියේ වේළුවනාරාම මහා විහාරය ආරම්භ කොට 2022 වර්ෂයට තුන්සිය වසරක් සපිරීම නිමිත්තෙන් විහාරාධිපති, විශ්‍රාමලත් විදුහල්පති, හම්බන්තොට මාගම්පත්තුව සහිත ගාලු මාතර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අබේසේකරගම ගුණරතන නාහිමිගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් පැවැත්වේ.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය දොරොව්වේ ඤාණරතන හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව මඩවල ධම්මික ජිනවංශ හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය තල්පත්කන්දේ සිරිනන්ද හිමි, පස්වරු 7.00 - 8.00 බෝධි පූජාව.

නාවිමන ගිරිකන්දරාරාමය

පෙ.ව. 6.00 - 7.00 සීල සමාදාන, මල් පහන්, ගිලන්පස උදෑසන කිරි ආහාර බුද්ධ පූජාව හා අනුශාසනාව (මාතර කඩවත් සතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, නාවිමන ගිරිකන්දරාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති, යටලමත්තේ විපස්සී හිමි, 8.00 - 9.00 ධර්ම දේශනය, කඹුරුගමුව ඇත්කඳ රජමහා විහාරාධිපති හික්ගොඩ ඉන්ද්‍රරතන නාහිමි, 9.45 - 10.45 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති, යටලමත්තේ විපස්සි හිමි, ප.ව. 1.00 - 1.30 සෙත් පිරිත් සජ්ඣායනය විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් වහන්සේ, 2.00 - 3.00 ධර්ම දේශනාව හතරලියද්දේ මංගල හිමි, 3.00 - 5.00 විශේෂ ආයුර්වේද වෛද්‍ය සාකච්ඡාව, 6.00 සිල් පවාරණය, 7.00 - 8.00 ආශිර්වාද බෝධි පූජා පින්කම.