Print this Article


මා දුටු ගුරුවරයා

මා දුටු ගුරුවරයා

උගන්නන්න පුළුවන් වුණාට
ගුරුවරයෙක් වන එක ලේසි නැහැ.......
සැබෑ ගුරුවරයකුට තියෙන්න ඕනේ
මහාමේරු පර්වතයක් වගේ
දැවැන්ත පෞරුෂත්වයක්
හිම කන්දක් වගේ උණුූ වන හදවතක්
කුරුලු පිහාටුවක් වගේ සැහැල්ලු මනසක්
දැනුම සොයා යමක්
ඒ වාගේම
තමන්ගේ වෘත්තිය පිළිබඳ
ආඩම්බර වන ........
ආදරණීය මිනිසෙක්
ඔහු.....
ගුරුවරයා නොව......
පරිණත......
වූ ගුරුතුමා ය.........