Print this Article


පෝය වරුණ

පෝය වරුණ

දුරුතු මහේ පෝ දින
දහම් රසය අරගෙන
බුදු සමිඳුන් වැඩි තැන
මුල් වර මහියංගන

ආකාසේ වැඩ සිට
යක් සේනා බිය කොට
දහම් දෙසුම මුල් කොට
සුමන සමන් දෙවිහට

සමනල කඳු මුදුනට
බුදු සිරිපා වැඳුමට
දුරුතු පොහොය මුල්කොට
ජනගඟ යති සිරිපාදෙට