Print this Article


පැල්පතේ අරුණැල්ල

පැල්පතේ අරුණැල්ල

සේපාලිකා පලස
මතින් පියවර තබන
පිපෙන සියපතක් සේ
දොරින් දොර පිඬු සිඟන
අපේ පොඩි සමිඳුණේ
දන් පිඬක් පුදන්නට
බලා ඉමි අරුණැල්ලෙ

කුසපිරෙන්නට අහර
ලැබගන්න පින් නැතත්
සෝ සුසුම් වගුරලා
උපයනා කඳුළු බිඳු
මුසුව පිසු හීල දන
මහමෙරකි සමිඳුණේ
පාරමි දම් පුරන

මහ පිනක් කර ගන්න
බැරිඋනත් මේ බවේ
අපරිමිත සැදැහැයෙන්
පිසු හීල දන් ටිකක්
පිළිගන්න සැමදිනේ
වඩිනු මැන සමිඳුණේ
රුදු සසර නිමවන්න