Print this Article


බුදුගුණ සිහිකිරීමේ අනුසස්

බුදුගුණ සිහිකිරීමේ අනුසස්

බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරමින් බුද්ධානුස්සති භාවනාවේ යෙදෙන පුද්ගලයාට ජීවිතයට විශාල ආනිශංස රැස් වෙනවා. ඔහුගේ සිත රාගයෙන් පෙළෙන්නේ නැහැ. ද්වේශයෙන් පෙළෙන්නේ නැහැ. මෝහයෙන් පෙළෙන්නේ නැහැ. පාපී අකුසල්වලින් සිත පෙළෙන්නේ නැහැ.

බුදුගුණ සිතන පුද්ගලයාගේ සිතට ප්‍රමුදිත බව ලැබෙනවා. බුදුගුණ සිතද්දී කායික මානසික බව ලැබී සිත කය සැහැල්ලු වෙනවා. සැපය උපදිනවා. නිරන්තරයෙන් බුදුගුණ සිහි කරද්දී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය බලවත් වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. ඒ වගේම බුද්ධානුස්සති භාවනාව නිසා විශාල පිනක් රැස් වෙනවා. බුදුගුණ වඩද්දී අපගේ සිතේ ඇතිවන බිය තැති ගැනීම දුරුවෙනවා. ඉවසීමේ ගුණය දියුණු වෙනවා.

බුදුගුණ සිහි කරද්දී පවට ලැජ්ජාව සහ බිය ඉපදෙනවා. විශේෂම කාරණය නම් ඒ සුන්දර සිත නිවනට ම නැඹුරු වෙනවා.

නිරන්තරයෙන් අප බුදු ගුණ සිහි කරනවා නම් මරණ මොහොතේ දී සිහිය මුළා වෙන්නේ නැහැ. බුද්ධානුස්සති භාවනාව වඩන පුද්ගලයා මරණයට පත්වෙන අවස්ථාවේ ඉහළ මාර්ගඵලයක් ලබා නොසිටියහොත් දෙවියන් අතර ඉපදෙනවා. මේ සා ආනිශංස ලබා දෙන බුද්ධානුස්සති භාවනාව අපි ද ජීවිතයට පුරුදු කර ගනිමු.