Print this Article


සල්ගල සේනාසනයේ වාහල්කඩ විවෘත කෙරේ

සල්ගල සේනාසනයේ වාහල්කඩ විවෘත කෙරේ

වරකාපොළ සල්ගල සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි. සේනාසනාධිපති හැඳල දමිත නාහිමියන්ගේ සහ සල්ගල ආරණ්‍ය සේනාසනාධිකාරි කුඹුක්කඩවල සුජාත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හෙයියන්තුඩුව ඩී.සී.ගනේගොඩ පරිත්‍යාගශීලි පදනම මඟින් මෙම පුණ්‍ය කර්මය සිදු කෙරිණි.

හෙයියන්තුඩුව පුරාණ විහාරයේ ධම්මරතන හිමි ප්‍රධාන ගිහි, පැවිදි දායක පිරිසගේ සහභාගිත්වයෙන් සිදුකළ මෙම පුණ්‍ය කර්මය අවසානයේ සංඝගත දක්ෂිණාවක්ද පැවැත්විණි.