Print this Article


මහ බෝ අසිරිය

මහ බෝ අසිරිය

සම්පාදිකා - අනුරාධපුර ධම්මිකා සිල්මෑණියන් වහන්සේ

අනුරාධපුර ධම්මිකා සිල් මෑණියන් වහන්සේ විසින් රචිත “මහ බෝ අසිරිය” 20 වන සියවසෙහි විරචිත කාව්‍යමය ධර්ම සංග්‍රහයකි. කොරෝනා වෛරසය ලංකාවෙන් මෙන්ම මුළුමහත් ලෝකයෙන් තුරන් වේවා යන හැඟුම පෙරදැරිව පද්‍ය 1000 ට අධික සංඛ්‍යාවකින් යුතු මෙම කෘතිය කාලයට ගැළපෙන, සත සිත සුවපත් කිරීමට සමත් වන අයුරින් ලියා ඇත.

මෙහිදී සිංහල බෝධි වංශය මනා කොට පරිශීලනය කර ඇති බව පැහැදිලි කරුණකි. එහි ඇති කතා පුවත් සියැසින් දුටු සේ වර්ණනා කර තිබේ. එම වර්ණනාවන්ට යොදා තිබෙන බස ඉතා ලිහිල් ය. සරල ය. රමණීය අර්ථ ප්‍රතිපාදනය කරමින් ශබ්ද මාධූර්යය ගොඩනඟා ගැනීමට ප්‍රයත්නයක් දරා ඇත.