Print this Article


උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබති

උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබති

පෝද්දල, පහළ කීඹිය. ශෛලාලයාරාම පුරාණ රාජමහා විහාරය, පුංචි ශ්‍රී පාද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති බද්දේගම, කිරිබතාවිල ශ්‍රී අමරවංශ මහ පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති කීඹියේ ඤාණරතන හිමිපාණන් වහන්සේ වෙත මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථ පුෂ්පාරාම විහාරද්වයාධිපති මහානායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහාසංඝ සභාව වෙතින් “සද්ධර්ම කීර්ති සිරිනිවාස” යන ගෞරව නාමය සහිත ගාල්ල හිනිදුම් පත්තුවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.