[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සම්බුදු සසුනේ ශ්‍රේෂ්ඨතම විවරණය

දිනක් බුදුරජාණන් වහන්සේ කොසොල් රට සැරි සරන අතරේ දී භික්ෂූන් වහන්සේ අරමුණු කොට අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කළහ. මෙම සූත්‍රය ඇසූ භික්ෂූන් වහන්සේ සැට නමක් රහත් වූහ. සැට නමක් ලේ වමාරන්නට වූහ. තවත් සැට නමක් සිවුරු හැර ගිහි වන්නට විය. මෙසේ දම් දෙසා නැවත දෙව්රම් වෙහෙරට වැඩම කළ පසු වෙහෙරේ වෙනදා මෙන් භික්ෂූන් නැති බව දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් කරුණු විමසී ය. එවිට අනඳ තෙරණුවෝ මෙසේ පැහැදිලි කළහ. "භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කිරීම නිසා භික්ෂූන් වහන්සේ සංවේගයට පත් ව අපට මේ ශාසනයේ පිළිවෙත් පිරීමට නොහැකි බවත්, නොමනා පැවතුම් ඇතිව සැදැහැතියන්ගේ දන් පිළිගැනීම නුසුදුසු බවත් පවසා සිවුරු හැර ගියහ". මේ පුවත ඇසූ බුදුරජාණන් වහන්සේ ධර්ම සංවේගයට පත්වූහ. ඉක්බිති ව අනඳ තෙරුන්ලවා භික්ෂූන් වහන්සේ රැස්කරවා මෙසේ දේශනා කළහ. ගඟකට බසින්නට බොහෝ තොටුපළවල් ඇත්තාක් මෙන්, මෙම සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබෙන බවයි. “මහණෙනි, මේ සසුනෙහි යම් භික්ෂුවක් අසුරුසනක් ගසන කෙටි කාලයක් වුව සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩනවා නම්, මහණෙනි, ඒ භික්ෂුව මේ සසුනෙහි ධ්‍යාන ඇත්තෙක් බවට පත් වේ. දායකයින් දෙන දන් වැළඳීමට සුදුස්සකු බවට පත් වේ යැයි දේශනා කළහ.


උඳුවප් පුර අටවක පෝය

 නොවැම්බර් 30 බදාදා පූ.භා. 09.02 පුර අටවක ලබා දෙසැම්බර් 01 බ්‍රහස් පූ.භා. 07.24 ගෙවේ.
නොවැම්බර් 30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]