Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ගොතටුව පාරමිතා බෝධිමලු විහාරයේ පැවැති කඨින පින්කමට සමාගාමීව රුපියල් ලක්ෂ 3 පමණ වටිනා ගිලන් ඇඳක් නදීක සහ ප්‍රසාදිනී ගුණසේකර යුවළ විසින් අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන්ට පූජා කළ අයුරු. ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

හම්බන්තොට දිස්ත්‍රික් සාහිත්‍යය උළෙල පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී කෙටි කථා රචනා තරගයෙන් පළමු ස්ථානය හම්බන්තොට සිංහගිරි විහාරයේ විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් හිමිකරගනු ලැබීය. එම ජයග්‍රහණයට හිමි ත්‍යාග හා සහතික පත්‍රය හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එස්.පී.ජයමහ මහතා වජිරවංස හිමියන්ට පිරිනැමූ අයුරු.