Print this Article


පිහිට පතයි

පිහිට පතයි

හිඟුරක්ගොඩ විහාරස්ථානයක වැඩ සිටින ස්වාමින් වහන්සේ නමකගේ පෙනීම ඉතාම දුර්වල වී ඇති බව කියයි. ඉක්මණින් ඇසට කාචයක් සවිකළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0274901963 දුරකතනයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

***

දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වැඩවසන බඹරගම ධම්මකිත්ති හිමි අක්මා රෝගයකින් පෙළෙන බව කියයි. උන්වහන්සේට ඖෂධ සඳහා ඔබගෙන් ආධාරයක් පතන බව කියයි. පරිත්‍යාග මහජන බැංකුව – 245200140047487 ගිණුමට බැරකළ හැකි බව ද, වැඩි විස්තර 074 3803522 දුරකතනයෙන් විමසිය හැකි බව ද කියයි.

***

අම්පාර, දේවාලහිද අංක 24/ඒ/218 හි පදිංචි තනුජ සත්සර (අවු.3 මාස 04) දරුවා තැලසීමියා රෝගයෙන් පීඩාවිඳින බව කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කළ යුතු බව ද කියයි. ඒ සඳහා විශාල මුදලක් වැයවන බව ද කියයි. පරිත්‍යාගශීලීන් වේ නම් සම්පත් බැංකුවේ 106257587808 ගිණුමට මුදල් බැර කළ හැකි බව ද කියයි. වැඩි විස්තර 075 -8655830 /071 - 2054208 හෝ 076 -2780928 දුරකතනයන්ගෙන් ලබා ගත හැකි බව ද කියයි.

***

කඩුවෙල, කොතලාවල, විහාර මාවත අංක 444/ජී/8 හි පදිංචි එල්.ඒ.අයි.පී.පී. කුමාරි (අවුරුදු 26) යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “ඒ හෝ බී” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 074 3372217 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි. මුදලින් ආධාර කළ හැකි අයකු වේ නම් මහරගම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 100530762547 ගිණුමට මුදල් බැර කරන ලෙස ද ඉල්ලීමක් කරයි.