Print this Article


බුදුසරණ හිටපු කර්තෘ ප්‍රේමසිරි අබේසිංහයන්ගේ ගුණ සමරුව

බුදුසරණ හිටපු කර්තෘ ප්‍රේමසිරි අබේසිංහයන්ගේ ගුණ සමරුව

බුදුසරණ පත්‍රයේ වසර 18ක් ප්‍රධාන කර්තෘ ලෙසත් ලේක්හවුස් බෞද්ධ සංගමයේ ආරම්භක ලේකම් ලෙසත් කටයුතු කළ ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහයන්ගේ පස්වන ගුණසමරුව නොවැම්බර් මස 10 වැනි දිනට යෙදී තිබේ.

අබේසිංහ මහතාගේ පස්වන ගුණසමරුව වෙනුවෙන් නොවැම්බර් 07 වන දින (පෙර දින) පෙරවරු 8.00 ට කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ දී ආචාර්ය පිටවල උපාලි හිමියන් විසින් පවත්වන දම් දෙසුමකි. කහතුඩුවේ ශ්‍රී නන්දනාරාමාධිපති පෙතිගමුවේ සුමණතිස්ස හිමියන්ගේ අනුශාසකත්වයෙන් 7 වන දා හවස 6.00ට එම විහාරස්ථානයේ දී සත්බුදු පූජාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එයට සමගාමීව 20 වැනි දා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ.

සිංහල බෞද්ධයා පුවත්පතේ ද ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළ අබේසිංහ මහතා ශ්‍රී ලංකා වෘත්තිය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස ද, සමස්ත ලංකා කවි පෙරමුණේ සභාපති ලෙස ද කටයුතු කර ඇත. ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ ප්‍රධාන සංවිධායක ලෙස වසර 18ක් ඒ මහතා ක්‍රියා කර ඇත.