Print this Article


අනුනායක පදවි ලබති

අනුනායක පදවි ලබති

බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙන් විහාරාධිකාරි ගෞරව ශාස්ත්‍රවේදී කනවැරැල්ලේ හේමාලෝක හිමියන්ට ඌව අමරපුර නිකායේ අනුනායක පදවිය පිරි නමා ඇත. ඌව අමරපුර නිකායේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රී සුධර්මවාදිනී කාරක සංඝ සභාව වෙතින් සිරිසුජාත වංශාලංකාර මංගල පණ්ඩිතාචරිය ඤාණාලෝක, කනවැරැල්ලේ හේමාලෝක යන ගෞරව නාමය සහිතව ඌව අමරපුර නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලද උන්වහන්සේ බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරිවරයාණන් වශයෙන් ද කටයුතු කර ඇත.

දැනට බදුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි තනතුර දරන අතර මහා මහේන්ද්‍ර දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයාණන් ද වෙති. ප්‍රදේශයේ ආගමික සංස්කෘතිත කටයුතුවල නිරතව සිටින උන්වහන්සේ ග්‍රන්ථකරණයෙහි ද නියැළෙන හිමිනමකි.