Print this Article


ඉල් පෝදා වරුණ

ඉල් පෝදා වරුණ

සම්බුදු සසුනෙ අගසව් තනතුර දරමින්
නිවනට පමුණුවා ලෝසත බුදු දහමින්
සැරියුත් තෙරණුවන් පිරිනිවනට වඩිමින්
අනියත දහම පෙන්විය ඉල්සඳ දකිමින්

එක මඟ එක් කෙනකු මිස දෙදෙනකු නොයනු
මුල මැද අග කලණ දහමින් බණ දෙසනු
සවු ලෝ සතුන් බව සයුරෙන් ගොඩ දමනු
බුදු හිමි දෙසුවෙ ඉල් පෝදා බව සිතනු

තුන් බෑ ජටිලයන් නිවැරැදි මඟට ගෙන
අරහත් කිරුළ පළඳා කෙලෙසුන් නැසුණ
නොනිමෙන සදාකල් සැනසුම් සුවය දෙන
නිවනට පැමිණුවේ ඉල්මස පෝය දින

සමතිස් පෙරුම් පුරමින් සසරෙහි සරන
මෙත් බෝසතුන් සම්බුදු හිමි වෙත පැමිණ
නියත විවරණය ලැබ සතුටෙහි ගිලුණ
ඉල්මස පෝය වැදගත් මෙකරුණු තුළිණ