Print this Article


රාජකීය පණ්ඩිත උපාධි ලබති

රාජකීය පණ්ඩිත උපාධි ලබති

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වන ලද ප්‍රාචීන පණ්ඩිත උපාධි අවසාන විභාගයෙන් මුළු දිවයිනෙන් ම දෙවන ස්ථානය දිනා ගනිමින් රාජකීය පණ්ඩිත උපාධිය හිමි කර ගැනීමට මහනුවර අස්ගිරි මහාවිහාර මහා පිරිවෙනේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළ දෙදියගල නන්දරතන හිමියෝ සමත් වී ඇත.

පසුගිය වර්ෂයේ ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් ද දිවයිනේ දෙවන ස්ථානය හිමි කර ගත් දෙදියගල නන්දරතන හිමියන් ස්වකීය උපසම්පදාව නිමිත්තෙන් සිරි සරණංකර සංඝරාජ ථෙරාපදානය නමින් පාලි පද්‍ය ග්‍රන්ථයක් සම්පාදනය කොට මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහා සංඝසභාව වෙත ඉදිරිපත් කොට ශ්‍රීමත් මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවේ මහත් සම්භාවනාවට පත් විය.