| 
						 ගාල්ල, වලහන්දූව, මානවිල, 
						ඛෙත්තාරාමාධිකාරී, මෛත්‍රී ධර්මායතනාධිපති ශාස්ත්‍රපති, 
						දෑරංගල මංගල හිමි විසින් සම්පාදනය කරන ලද “දොළොස් මහේ ධර්ම 
						දේශනාව“ සහ “භාවනාවෙන් ජීවිතයට සුවය” යන ධර්ම දේශනා 
						ග්‍රන්ථ දෙක පසුගිය දින මහනුවර මල්වතු මහා විහාර පෝය සීමා 
						මාලකයේ දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා 
						විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර 
						පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ 
						අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාවට පිළිගැන්වූහ. මෙම 
						ග්‍රන්ථය ධර්ම දානයක් ලෙස පිළිගැන්වේ.  | 
					
					
						| 
						 මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා 
						නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක 
						ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් 
						සද්ධර්ම කීර්ති ශ්‍රී හිමරතන යන ගෞරව නාම සම්මුතිය සහිතව 
						ගාලු තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් 
						ලද ගාල්ල ගොඩකන්දේ ශ්‍රී සුනන්දාරාමාධිපති, විශ්‍රාමලත් 
						විදුහල්පති, ශාස්ත්‍රපති කිරම පේමරතන නාහිමි වෙත නායක 
						පදවිය පිළිබඳ ලිපිය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ 
						නාහිමියන් විසින් මල්වතු මහාවිහාර ලේකම් කාර්යාලයේ දී 
						පිරිනමන ලද අවස්ථාව.  | 
					
					
						| 
						 පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති 
						සහ අධ්‍යක්ෂ, කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක 
						වැලමිටියාවේ කීර්ති ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ වෙත 
						ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය සහ ධර්මකීර්ති ශ්‍රී යන ගෞරව 
						නාමද්වය සහිත කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය 
						පිරිනැමීමේ ලිපිය සැප්තැම්බර් මස 22 වන දින මහනුවර මල්වතු 
						මහා විහාරයේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ 
						සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා 
						නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පිරිනමන ලද අවස්ථාව, 
						දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ 
						ද ඡායාරූපයෙහි වැඩ සිටිති.  
						දිමුතු පුන්සර කොළඹගේ  |