Print this Article


අනුරාධපුර බෞද්ධ මණ්ඩල සංවර්ධන සමිතිය

අනුරාධපුර බෞද්ධ මණ්ඩල සංවර්ධන සමිතිය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පවත්වන ක්ෂීරපායාස බුද්ධ පූජාව මේ මස 10 වැනිදා පෙරහරින් වැඩමවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීමට කටයුතු යොදා ඇත.

චතුමධුර, අෂ්ඨවිධ පාන වර්ග ඇතුළත් ගිලන්පස බුද්ධ පූජාව 09 වනදා සවස ද, ව්‍යංජන වර්ග 112කින් සමන්විත බුද්ධ පූජාව 10 වනදා දහවලදී ද පැවැත්වේ. කඨින වස්ත්‍ර පූජාව නොවැම්බර් 07 වනදා පැවැත්වීමට නියමිත ය. එදිනට දහවල් 25 නමකට අධික ගරුතර මහා සංඝරත්නය විෂයෙහි පවත්වනු ලබන සාංඝික දානය සහ සවස 4.00 ට කඨින ආනිසංස ධර්ම දේශනාව පවත්වන බව අනුරාධපුර බෞද්ධ මණ්ඩල සංවර්ධන සමිතිය දන්වා සිටී.