ඌව වෙල්ලස්ස 
ප්‍රධාන සංඝනායක පදවිය
 
 සියම් මහා නිකායේ අස්ගිරි මහා පාර්ශවයේ ශ්‍රීමත් මහා නාහිමියන් ප්රමුඛ විංශවර්ගික 
සානුනායක කාරක සංඝ සභාව මඟින් බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරාධිපති 
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමි වෙත ධර්මකීර්ති ශ්‍රී 
චන්ද්‍රජෝති ගෞරවනාමය සහිතව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා 
ඇත. 1975 මැයි 26 වැනිදා උපත ලද උන්වහන්සේ 1988 නොවැම්බර් 16 දින ගල්ටැම්වත්තේ 
චන්ද්‍රජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සම්බුදු සසුනට පිවිසුණහ. 1995 මැයි 26 දින 
මහනුවර අස්ගිරි මහා විහාරීය උපෝසථාගාරයේ දී උපසම්පදා ලැබූහ. අනුරාධපුර භික්ෂු විශ්ව 
විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. 
ඩී.එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ  |