Print this Article


මහනුවර ශ්‍රී දළදා පූජා පින්කම

මහනුවර ශ්‍රී දළදා පූජා පින්කම

ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාව 39 වෙනි වරටත් සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංශ නාහිමියන් විසින් මේ මස 05 සහ 06 යන දිනයන්හි මහනුවර දී අතිඋදාර අන්දමින් පැවැත්වීමට කටයුතු සලසා ඇත.

මෙදින රාත්‍රී 7.00 ශ්‍රී දළදා වහන්සේ උදෙසා අෂ්ඨපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව හා පසුදින අලුයම 6.00 ට කිරි ආහාර බුද්ධ පූජාව, 6 වැනි දා 10.00 ට ශ්‍රී දළදා වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව පැවැත්වීම, එදින 11.00 ට 100 ක් නමක් විෂයෙහි අටපිරිකර 100 ක් සහිත සෙසු පිරිකර සමඟින් දහවල් සඟසතු මහා දානමය පින්කම. ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සලසා ඇත. මෙහි අරමුණ සීදුවේ සුමනවංස නාහිමිගේ ජන්ම දිනය වෙනුවෙනි.