Print this Article


පෝදා පින්කම්

ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00, ධර්ම දේශනාව ශාස්ත්‍රපති ලුණුගම්වෙහෙර නාරද හිමි, 10.00 - 11.00 ධම්ම පදයෙන් බිඳක් අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය 3.00 - 4.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 5.00 - 6.00 භාවනාව, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව කථිකාචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසුමහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා පූජා කරනු ලබන ක්ෂීරපායාස පූජාව.

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, 8.00 - 9.00 ධර්ම දේශනාව, මහින්ද හිමි, 9.30 - 10.30 ධර්ම දේශනය මඩිහේ සුගතසිරි හිමි, 10.30 - 11.00 සම්බුද්ධ පූජාව, 12.30 - 2.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, පස්වරු 2.30 - 3.30 ධර්ම දේශනය දොළොස්වල උදිතධීර හිමි, 3.30 - 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනය, 6.00 අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලන්පස පූජාව සහ බෝධි පූජාව. එදින බුදුසරණ පුවත්පත නොමිලේ බෙදා දෙනු ලබන්නේ විමල් පීරිස් මහතා විසිනි.

පිළියන්දල සංකල්ප විහාරය

උදෑසන 5.00 ට කිරි ආහාර බුද්ධ පූජාව, 6.00 ට සීල භාවනාව, මෙම සිල් වැඩසටහනට ලෙනදොර කුසලධම්ම, තිස්සමහාරාමයේ භද්දිය, ගතාරේ ඉන්දරතන, කෝලානේ වසුබන්ධු යන හිමිවරුන්ගේ ධර්ම දේශනා පැවැත්වේ. රාත්‍රී 7.00 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදිය. සංකල්ප දායක සභාව මෙම පින්කම සංවිධානය කර ඇත.

ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාමය

ගාල්ලේ ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ අපවත් වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී හීනටිගල පියනන්ද නාහිමියන්ට හා මියගිය සෙසු පිරිසට පින් අනුමෝදන් කිරීමේ දම් දෙසුමක් පෝදා රාත්‍රී 7 සිට විහාරස්ථානයේ පැවැත්වේ. දේශකයාණන් වහන්සේ ගාල්ල, හපුගල ශ්‍රී සුධර්මාරාම හා ගාල්ල කුඹල්වැල්ල ශ්‍රී රේවත පිරිවෙන්හි විහාරාධිපති ශාස්ත්‍රපති වීරපානේ හේමාරාම නාහිමියන් ය.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණසීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උල්ලිඳුවාවේ විනයකිත්ති හිමි, 8.00 - 9.00 භාවනාව කොත්මලේ ඤාණවංස හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 10.00 -11.15 පරෝපකාර සංග්‍රහය - අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම ආචාර්ය ධම්මික කලපුගේ මහතා 3.00 - 4.00 ධර්ම දේශනාව දළුගම සමිතඤාණ හිමි, 4.15 - 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නා හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම,

ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි 08.00-09.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි ,09.00-10.00 ධර්ම දේශනාව - මිරිහාන පාරමිතා ධර්මායතනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බටපොල මේධානන්ද හිමි, 10.00-11.00 සූත්‍ර දේශනාව- රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය පානදුර පසන්න හිමි, 11.00-11.15 බුද්ධ පූජාව - ගල්හිටියාවේ නාගිත හිමි, දියසෙන්පුරේ විමලසිහ හිමි පස්වරු 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ - බුත්තල ධම්මවිජය හිමි, බදුල්ලේ සුවිනීත හිමි 01.00-02.00 ධර්ම සාකච්ඡාව - ත්‍රිපිටකාචාර්ය වේරදූවේ මහින්ද හිමි, 02.00-03.00 ධර්ම දේශනය - ශාස්ත්‍රවේදී පණ්ඩිත බොරැල්ලේ අතුල නාහිමි, 03.00-03.45 ධර්ම දේශනාව- ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, 04.00-05.00 ධර්ම දේශනාව - කම්මට්ඨානාචාර්ය ඇඹිලිපිටියේ ආනන්ද හිමි, ප.ව. 05.00-06.00 ධම්ම පදය- ශාස්ත්‍රපති පණ්ඩිත වතුරගම ධම්මජීව හිමි, ප.ව. 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය හක්මන සුමනසිරි නාහිමි.

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

පුන් පෝ දින අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, අලුයම 5.30 ට සිල් සමාදන් වන සියලු පින්වතුන් අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංස නාහිමි, උදෑසන 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 7.45 සිට 8.45 දක්වා ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මාදූවේ කෝලිත හිමි, 9.45 සිට 11.15 දක්වා ධර්ම සාකච්ඡාව, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද ධර්මාචාර්ය කේ.එම්.ආර්. කුමාරසිංහ මහත්වරුන්, 11.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 01.15 සිට 2.15 දක්වා කාව්‍යමය ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී රන්වල සරණසිරි හිමි, 2.45 සිට 3.45 දක්වා ධර්ම දේශනාව දොම්පේ සියනෑ ජාතික පාසලේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි, 4.00 සිට 5.00 දක්වා ධර්ම දේශනාව, ආඬිඅම්බලමේ සුගුණ හිමි.

විශේෂ ආශිර්වාද අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම.

ශ්‍රී නාගර්ජුන පිරිවෙන

කඩවත, සූරියගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගර්ජුන මහ පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන පින්කම් මාලාව මේ මස 08 සිට 16 දක්වා පැවැත්වේ. 8, 9 අසූමහා ශ්‍රාවක පූජාවද, 10 සිට 14 දක්වා ධර්ම දේශනා මාලාව ද, 15 වැනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, 16 වැනිදා දහවල සපිරිකර සංඝගත දක්ෂිණාව ද පැවැත්වේ. 17 වැනිදා රාත්‍රියේ නිකිණි මහ පෙරහර පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී නාගර්ජුන පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති සියනෑ අලුත්කුරු දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පරකන්දෙණියේ ශ්‍රී ආර්ය මනෝරථ නාහිමියන්ගේ අනුශාසනා පරිදි දායක පින්වතුන්ගේ උපකාරයෙන් මෙම පින්කම පැවැත්වේ.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 06.00 -7.00 – සීල සමාදානය හා අනුශාසනය, 7.00 -7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 – භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය 11.00 -11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි.

පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 -2.00 ධර්ම දේශනය දොරොව්වේ ඤාණරතන හිමි, 2.00 -3.30 ධර්ම සාකච්ඡාව මඩවල ධම්මික ජිනවංශ හිමි, 4 -5 ධර්ම දේශනාව තල්පත්කන්දේ සිරිනන්ද හිමි. 5.00 - 6.00 ධර්ම දේශනාව අලුත්වල ධම්මසති හිමි