Print this Article


එප්පල සෝරත නා හිමියෝ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

එප්පල සෝරත නා හිමියෝ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

හබරකඩ ශ්‍රී විජයානන්ද රාජමහා විහාරාධිකාරී, අනුරාධපුර ලෝලුගස්වැව ශ්‍රී පේමානන්ද විවේක ආශ්‍රමාධිපති ගෞරව ශාස්ත්‍රවේදී එප්පල සෝරත නාහිමි වෙත මහනුවර උපෝසථ පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් කීර්ති ශ්‍රී පේමානන්ද නාමධෙයොපලක්ෂිතව ගාලු මාතර දෙපළාතේ අධිකරණ සංඝනායක පදවියට පත්කර ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය මෙම මස15 දින මල්වතු මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත ය.

අභිනව නා හිමි පිළිගැනීමේ උත්සවය හබරකඩ ශ්‍රී විජයානන්ද රාජමහා විහාරයේ දී 18 වැනි දා සවස 2.30 ට සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත ය.