[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පදවි ලබති

ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරාධිපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ වැඩබැලු අංශාධිපති, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය සහ වැඩබලන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නාහිමිපාණන් වහන්සේ වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පදවිය සඳහා අගෝස්තු මස හය වැනි දින අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංශත් වර්ගික කාරක මහා සංඝසභාව මඟින් පත් කොට වදාළ සේක.මල්වතු මහාවිහාරයීය විංශත්වර්ගික කාරක මහා සංඝසභාවේ ලේඛකාධිකාරී පදවිය, අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සියලු ලිපි ලේඛන සම්පාදනය කිරීම, රාජ්‍ය අධිකරණ කටයුතුවල දී මල්වතු විහාරය නියෝජනය කිරීම, වාර්ෂිකව තුන්සිය නමකට වැඩි ප්‍රමාණයක් සාමණේර හිමිවරුන් උපසම්පදාවට පමුණුවන මල්වතු මහාවිහාරයේ උපසම්පදා පූජෝත්සවය සංවිධානය කිරීම, නායක පදවි හා විහාරාධිපති පදවි පිරිනැමීම, සංඝසභා රැස්වීම් පැවැත්වීම ඇතුළු භාරධූර වගකීම් සමුදායක් පැවරී ඇති තනතුරකි.


බිනර පුර අටවක පෝය

 සැප්තැම්බර් 03 සෙනසුරාදා අපරභාග 12.27 පුර අටවක ලබා 04 ඉරිදා පූර්ව භාග 10.39 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]