Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අනුබද්ධිත ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව විසින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික උපසම්පදා විනය කර්මය පසුගිය ජුනි 18,19,20 යන දිනයන්හි දී අම්බලන්ගොඩ ,කහව ,ගල්දූව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මූලස්ථානයට අයත් ඉඩම්තොට උදකුක්ඛෙප සීමා මාලකයේ දී සිදු විය.මෙහිදී ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක පහළවිටිගල ශ්‍රී ජනානන්දාභිධාන හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් බුත්තල බුදුගල් ලෙන ආරණ්‍ය සේනාසනාධිපති උඩුවර ධම්මරක්ඛිත මාහිමිගේ ශිෂ්‍ය බක්මිරුප්පෙ සාන්තදස්සන සාමණේරයන් වහන්සේ අධි සීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.