Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානයේ විහාරාධිපති. අම්/සිරිධම්මරතන මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරි පුජ්‍ය හිඟුරාණේ සිරිධම්ම නායක හිමියන්ගේ අවවාද අනුශාසනා මත හිඟුරාන නගරයේ සිට ඉතා අලංකාරවත් දර්ශණිය කොඩි සේසත්, නර්තන අංග සහිතව උපසම්පදාව ලැබු ස්වාමීන් වහන්සේ පස්නමක් විහාරස්ථානය දක්වා වැඩම කරවීම සිදු කෙරිණි. මායාදුන්නේ විමලජෝති හිමි. තිඹිගොල්ලේ සිරි සුමේධ හිමි, මොරගහපල්ලම ධම්ම ගවේෂී හිමි. කන්දඋඩ පංගුවේ දයාරතන හිමි සහ සමගිපුර සිරි විනීත හිමියන් මෙසේ වැඩම කරවූහ.හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානයේ ධර්මශාලා පරිශ්‍රයේ දී ඉතා චාම් උත්සවයක් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට අක්කරපත්තුව ශ්‍රී විජයාරාමාධිපති අම්පාර මඩකලපුව දෙදිශාවේ ප්‍රධාන සංඝනායක දේවගොඩ සෝරත නායක හිමි හිමිදුරාව ශ්‍රී සුමංගලාරාමාධිපති අම්පාර, මඩකලපුව දෙදිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ගිරිතලේ ගුණානන්ද හිමි. ශාස්ත්‍රපති පණ්ඩිත උහන ධම්මික හිමි, අම්පාර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මුවංගල රාජමහා විහාරාධිපති. කීනවත්ත ශ්‍රී බෝධිමළු විහාරාධිපති ඇතිමලේ ආනන්ද නාහිමි. තිඹිරිගොල්ල ශ්‍රී අශෝකාරාමාධිපති කන්දේගම ගුණසිරි හිමි, පොලොන්මාරුවේ සුමනරතන හිමි, ලාහුගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ගලහිටියාගොඩ රතනසිරි යන හිමිවරු සහභාගි වූහ. දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා, ගල්ඔය වැවිලි සමාගමේ සාමාන්‍යධිකාරි වරුණ මධුෂාන් මහතා, හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථ දායක සභාව, ගෝතමී කුළගන සමිතිය. බෞද්ධ සමිතිය. අම්/සිරිධම්මරතන මහ පිරිවෙන හා දහම් පාසලේ ආචාර්යමණ්ඩලය. සතර පේරුවේ දායකත්වය මේ සඳහා ලබා දී තිබුණි.

****

වාද්දූව තල්පිටියේ දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ දී විහාරාධිපති, පානදුර තොටමුණබද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවෙණාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ සිය දෙනකුගෙන් සමන්විත බෞද්ධ උපාසක පිරිස විසින් පිහිටුවාගෙන ඇති බෞද්ධ සමිතිය මඟින් සංවිධානය කරන ලදුව, ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේ සියක් නමක් උදෙසා දහවල දානමය පුණ්‍ය කර්මයක් පැවැත්විණි.

එක් සාමාජික මහතකු විසින් එක් භික්ෂූන් වහන්සේ නමක් වෙත තම තමන්ගේ නිවසින් පිළියෙළ කර ගත් දානය පූජා කර පිළිගැන්වීය. එසේම උපස්ථාන කරන ලදහ. භික්ෂූන් වහන්සේ සියක් නම සඳහා ම අට පිරිකර බැගින් එක් එක් සාමාජිකයා විසින් පූජා කරනු ලැබූ අතර, මුතුකුඩ සියයක් සහිත පෙරහරකින් විහාරස්ථ ධර්ම ශාලාවට වැඩමවා දානය පූජා කිරීම සිදු කරන ලදී. මෙම පින්කම සිදුකරන ලද්දේ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත තල්වත්තේ ඉන්දජෝති නායක ස්වාමීන් වහන්සේගේ දස වැනි වාර්ෂික දානමය පින්කම වෙනුවෙණි.

වර්ෂ පහකට පමණ පෙර මෙම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි උපාසකවරු සියයක් සහභාගිවන සියක් දෙනාගේ සංසදය පිහිටුවා ගනු ලැබූ අතර, මේ වන විට විශේෂ විහාරස්ථ දායක දායිකාවන් ඔවුන්ගේ ආපදාවල දී නොයෙකුත් ආධාර උපස්ථාන සිදුකර ඇති අතර අටවිසි බුද්ධ පූජා ආදී පින්කම් ද සංවිධානය කරති. ඕනෑම අවස්ථාවක මේ පිරිස සිය දෙනාම ස්වාමීන් වහන්සේට විශේෂ අවස්ථාවලදී දුරකථන පණිවුඩයකින් විහාරස්ථානය වෙත කැඳවීමේ හැකියාව ද ඇත.

මෙම මහා පින්කමට සහභාගි වූ නායක ස්වාමීන් වහන්සේ කීප නමක්ම අනුශාසනා පැවැත් වූ අතර මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ ද ඒ අතර වූහ. මෙම අවස්ථාවට සහභාගි වූ බෞද්ධ උපාසික උපාසිකාවන් වෙත පොල්පැළ විශාල ප්‍රමාණයක් බෙදා දීම ද සිදුවුණි.

****

අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශවයේ අනුනායක ධුරන්දර අංකුඹුර ඉහළමුල්ල ශ්‍රී සෝමානන්ද පිරිවෙන් කෘත්‍යාධිකාරී ඉහළමුල්ලේ සුගුණවංශ අනුනාහිමියන්ගේ සහ අංකුඹුර ශ්‍රී ජයවර්ධනාරාමාධිපති අංකුඹුර පරාක්‍රම ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති දික්හේනේ චන්ද්‍රසිරි හිමියන්ගේ ශිෂ්‍ය වූ දැනට අංකුඹුර ශ්‍රී සෝමානන්ද පිරිවෙනහි උසස් අධ්‍යාපනයේ නියුතු මැදපිටියේ අරියවංශ හිමි මෙම ජූලි මස 1 සිට 5 දක්වා යන දිනයන්හි පොළොන්නරුව මනංපිටියේ වාලුකා නදී සාම පාලම අභියස උදකුක්ඛේප සීමාමාලකයේ දී අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශවයෙන් මහා නායක ධුරන්දර එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක මා හිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව මඟින් අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් කරනු ලැබිණ. උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය මේ මස 08 වැනි දින සවස 2.00 ට ඉහළමුල්ල ශ්‍රී සෝමානන්ද පිරිවෙන්හි දී පැවැත් විණි.