යුතුකම
				
				 
				 
				 
 ඇය ජිවිතයේ බොහෝ දුක් ගැහැට විඳී මවකි. දිනක් දානයක් දී ඇය තම දරුවන්ට ආශිර්වාද කළා 
ය. මිය ගිය සැමියාට පින් අනුමෝදන් කළා ය. එය බලා සිටි මවගේ ලොකු පුතා මෙසේ ඇසුවේ ය. 
“තාත්තා, අම්මට බොහෝ කරදර දුන්නා. වධ හිංසා කළා. අපි හැමෝට ම යුතුකම් කළේ නෑ. ඔහු 
මිය ගියේ ද බීමත්කම නිසයි. ඇයි අම්මේ ඒ තාත්තාට පින් දුන්නේ.“ 
“මම දුක ගැන සම්බුදු දහමෙන් ඉගෙන ගෙන තිබුණා. ඒත් ඒ දුක මට අවබෝධ කරලා දුන්නේ 
පුතාගේ තාත්තා. එහෙම බලනකොට ඔයාගේ තාත්තා මට ගුරුවරයෙක්. මම පින් දුන්නේ ඒ 
ගුරුවරයාට යි“. 
ඒ, අම්මා දුන් පිළිතුර ය. 
				 
 
සියඹලාගොඩ ධම්මින්ද හිමි   |