Print this Article


ඔබට පින් අත්වන්න ...

ඔබට පින් අත්වන්න ...

කිරි වෙහෙර වැඳගන්න
සුදුවතින් පැමිණෙනා
මහතුනී මල් මිටක්
පුදන්නට ගෙන යන්න
අපේ ලිප දල්වන්න

ලෙඩ ඇඳට වී සිටින
පියා අපෙ වියපත් ය
දෙනෙත් අඳ අම්මාට
දැනෙන මුත් අපගෙ දුක
නොහැක පිහිටක් වෙන්න

ඔවුන් කුස පුරවන්න
කාසියක් දී අපට
මල් මිටක් ගෙන යන්න
ඔබට පින් අත්වන්න

මිලට පෙළ පොත් ගන්න
කාසි නැත රැඳෙන්නේ
පාසල් යන සොයුරු
වැවේ මල් නෙළන්නේ