Print this Article


පෝදා පින්කම්

බත්තරමුල්ල සිරි සුදර්ශනාරාම සදහම් සෙනසුන - පෝදා පින්කම්

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනය සියඹලාගොඩ ධම්මින්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව ඇල්ලේ කුසලඤාණ හිමි, 4 - 5 ධර්ම දේශනය මහඔය අනුරුද්ධ හිමි, 5 - 6 ධර්ම දේශනය මඩිහේ සුගතසිරි හිමි.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 07.00 සීල සමාදානය, උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් මාලඹේ අශෝකාරාම විහාරවාසී, කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ශාස්ත්‍රවේදී මාවුස්සාගොල්ලේ මුදිත හිමි, පස්වරු 2.00 - 3.00 වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි, 5.00 - 6.00 භාවනාව මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වතුරගම ධම්මජීව හිමි, 8.00 - 9.00 භාවනාව- රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව කළුබෝවිල විවේකාශ්‍රාමාධීපති මහරගම පදුම හිමි, 10.00 - 11.00 ධර්ම සාකච්ඡාව- රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව- වැලිගෙපොල සුගතවංස හිමි, තලංගල්ලේ ධම්මරතන හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ සෙල්ලකතරගම සන්තිද හිමි, ගලහිටියේ නාගිත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකාචාර්ය වේරදූවේ මහින්ද හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය- ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව- ශාස්ත්‍රපති පණ්ඩිත තල්පාවිල කුසලඥාන හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව- පණ්ඩිත කථිකාචාර්ය වැලිගෙපොල සීලවංස හිමි, 5.00 - 6.00 ධම්ම පදය- මීගොඩ මධුභානී හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

හොරපාවිට ශ්‍රී විජය සුන්දරාරාමය

කපුදූව ශ්‍රී ගුණාලංකාර නා හිමියන්ගේ සහ නාරන්දෙණියේ පුඤ්ඤාරතන නාහිමියන් ඇතුලු අපවත් වී වදාළ ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ ගුණ සිහිකිරීම නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන බෝධිපූජා, මල් පහන් පූජා, ධර්ම දේශනා, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා ඇතුලු පින්කම් මාලාවක් මේ මස 21 සිට 28 දක්වා පැවැත්වීමට කටයුතු යෙදා ඇත.

ඊට සමගාමීව 26 වැනිදා ලේ දන්දීමේ පින්කමක් උදේ 8 සිට සවස 3 දක්වා පැවැත්වෙන බව ද දන්වා ඇත. ජුනි 21 සිට 27 දක්වා පිළිවෙලින් අනුරාධපුර විමලරතන හිමි, ධම්මදීප හිමි, රංසෑගොඩ සිරි විමල හිමි, යටිගල ඤාණසිරි හිමි, දියතලාවේ පියදස්සි හිමි, කිරින්දේ උදිත හිමි දම් දෙසුම් පවත්වති. ජුනි 28 දවල් මහා සංඝගත දක්ෂිණාවකි.

****

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරය

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ පොසොන් පෝය නිමිත්තෙන් දවස පුරා පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. උදෑසන 5.00 ට කිරි ආහාර පූජාවෙන් ඇරඹෙන මෙම සිල් වැඩසටහනට මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි, කෝලානේ වසුබන්දු, මුන්දලමේ නාරද, වැල්ලවායේ මහානාම යන හිමිවරුන්ගේ ධර්ම දේශනා ඇතුළත් වේ.

සවස 6.00 ට සංකල්ප දහම් පාසල් දරුවන්ගේ පොසොන් බොදු ගී ප්‍රසංගයක් පැවැත්වේ. ඉන් අනතුරුව සංකල්ප ක්‍රීඩාංගනයේ දී සංකල්ප ක්‍රීඩා සමාජය විසින් මෙහෙයවන බත් දන්සලක් ද විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

සීදූව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ පොසොන් පුන්පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් විහාරාධිපති, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදූවේ සුමනවංස නාහිමිගේ මෙහෙයවීමෙන් හා අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත.

එදින අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, අලුයම 5.30 ට සිල් සමාදන්වන පින්වතුන් අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදූවේ සුමනවංස නාහිමි, උදෑසන 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 7.30 සිට 8.30 දක්වා ධර්ම දේශනාව- ගෞරව ශාස්ත්‍රවේදී මීවැල්ලාවේ පඤ්ඤාරංසි තිස්ස හිමි, 8.45 සිට 9.30 දක්වා ධර්ම දේශනාව - ශාස්ත්‍රවේදී මාදූවේ කෝලිත හිමි, 9.45 සිට 11.00 දක්වා ධර්ම සාකච්ඡාව - කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන මහතා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද මහතා, ධර්මාචාර්ය කේ.එම්.ආර්. කුමාරසිංහ මහතා ඇතුළු වියතුන්, 11 ට ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 01.15 සිට 2.15 දක්වා කාව්‍යමය ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී රන්වල සරණසිරි හිමි, 2.45 සිට 3.45 දක්වා ධර්ම දේශනාව - ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි, 4.00 සිට 5.00 දක්වා භාවනාව 6.00 ට විශේෂ ආශිර්වාද අටවිසි බෝධි පූජාව.

****

හම්බන්තොට සිංහගිරි විහාරය

උදේ 6.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව විතාරන්දෙණියේ වජිර හිමි, 7.00 – බුද්ධ පූජාව හා කිරි ආහාර පූජාව හීන්බුන්නේ නාගිත හිමි, 8.00 ට – ධර්ම දේශනාව. බෝලානේ සිරිසුගත හිමි, 9.00 ට භාවනාව මාමඩලේ මුදිත හිමි, 10.30 බුදුගුණ කවි ගායනා නුගේකන්දේ මංගල හිමි,

දහවල් 11.00 – බුද්ධ පූජාව හම්බන්තොට සමාධි හිමි, දහවල 11.30 දහවල් සංඝගත දක්ෂිණාව, සවස 1.00 ට ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම ධර්මාචාර්ය ඩබ්.ඒ. විජේදාස මහතා,

සවස 3.00 ගිහි දේශනය විජේසිංහ කෝංගලආරච්චි මහතා. සවස 5.00 පොසොන් කවි බණ, ඕපනායක සුජාත හිමි, සවස 6.00 බෝධි පූජාව හා අටවිසි බුද්ධ පූජාව නෝනාගම මෛත්‍රී හිමි රාත්‍රී 7.00 සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව විතාරන්දෙණියේ වජිර හිමි