Print this Article


අමා දම්සර පොසොන් කලාපය

අමා දම්සර පොසොන් කලාපය

OKI ජාත්‍යන්තර පාසල් ජාලයේ සභාපතිනිය වන නිර්මලී සපරමාදු මහත්මිය හා අධ්‍යක්ෂිකා දැනුම් අබේසේකර මහත්මියගේ අධීක්ෂණය යටතේ, පරිපාලන නිලධාරී මේජර් ජෙනරල් අතුල ගලගමගේ මහතාගේ උපදෙස් පරිදි, පොසොන් පොහොය දින ප්‍රධාන පාසල් පරිශ්‍රයේ දී පෙරවරු 10.30 ට රාගම නවලෝකගම - නවලෝක විහාරවාසී කැලණිය ගුරුකුල විද්‍යාලයේ විද්‍යාවේදී ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දීගල්ලේ සුදස්සන හිමියන්ගේ අනුශාසනාවෙන් පොසොන් පොහෝ දින සැමරුම පැවැත්වේ. එදින දහවල් 12.00 බත් දන්සල ද, සවස 6.30 අමා දම්සර බැති ගී, පාසලේ සිසු සිසුවියන් හා විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා පි‍්‍රයදර්ශනී ආරාධිත ගායනයෙන් ද රාත්‍රී 7.00 මහා වෙසක් පහන් කූඩු තරගය ද, රාත්‍රී 7.30 සිට සිසිල් පැන් දන්සල පැවැත්වේ. ජූනි 14 දා දවස පුරා පින්කම් OKI පාසල් ප්‍රධාන පරිශ්‍රයේ දී ඒ සියල්ල පැවැත්වෙන බව ජාත්‍යන්තර පාසලේ බෞද්ධ සංගමය දන්වා සිටියි.