Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

අපවත් වී වදාළ ඌවේ සියම් මහා නිකායේ ශ්‍රීමත් මහා නායක, පාලුගම ශ්‍රී සුභද්‍රාරාමය, ඓතිහාසිකතැන්න ශ්‍රී සෝමානන්ද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, පිළියන්දල, සුවාරපොල බුද්ධාලෝක මහා විහාරය යන විහාරත්‍රයාධිපති, ශ්‍රී සෝමානන්ද මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරි, සද්ධර්මභාරතීශ්වරාචාර්ය අඹේවෙල පඤ්ඤාසාරාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා විල්ඔය පඤ්ඤාතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පි‍්‍රය ශිෂ්‍යවර අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයෙහි ශාස්ත්‍රෝද්ග්‍රහනයෙහි නිරත කැප්පෙටිපොල මේධානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ මේ මස 25 වැනි ශනි දින මහා විහාරවංශික ඌවේ ස්‍යාමෝපාලි මහා නිකායේ කලුබුලුලන්ද පුරාණ විහාරස්ථ ශ්‍රී දේවරක්ෂිත උපෝසථාගාරයේ දී අධි සීල සංඛ්‍යාත උපසම්පදාවෙහි පිහිටුවති.

උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය මේ මස 26 වන ඉරිදා කැප්පෙටිපොල, පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ දී පැවැත් වෙයි.

 

 

****

ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහාවිහාරාධිපති, හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහා පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමි ලේල්වල සමිත හිමි, කෙහෙල්වල සුමංගල හිමි, පදලංගල අස්සජි හිමි සහ බෝපාගොඩ නාගිත හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය හිමිවරුන් වශයෙන් යටගල රාජමහා විහාරවාසී, හෙට්ඨාචල පිරුවනේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන පනාකඩුවේ රාහුල හිමි, පදලංගල අතුල හිමි සහ නාරංඕවිට ලක්ඛණ හිමි යන සාමණේර හිමිවරුන් පසුගිය මැයි මස 20 වන දින මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.