Print this Article


බොදු සිත් පහන් කළ වෙසක් පහන් කූඩු

බොදු සිත් පහන් කළ වෙසක් පහන් කූඩු

දිඹුලාගල මඟුල් දමන ශ්‍රී සුමංගල විහාරස්ථ දහම් පාසලේ දූ දරුවන් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා ගනිමින් එනම් ඉරටු, ගොක්කොළ, හනසු, පොල්කොළ, කිතුල් රැහැන් ආදී පරිසර හිතකාමී දේ භාවිත කොට අතිශය නිර්මාණාත්මක වෙසක් පහන් කූඩු තරගයක් පැවැත්විය.

ශ්‍රී සුමංගල විහාරස්ථ දහම් පාසල් ප්‍රධානාචාර්ය බක්මීදෙනියේ දෙරක්කිතාලංකාර හිමියන්ගේ මඟ පෙන්වීම හා අනුශාසනාව යටතේ මෙම තරගය සංවිධානය කර තිබුණි. ආචාර්ය මණ්ඩලයේ සහයද ඊට ලැබුණි.

අවට පරිසරයෙන් සොයාගත් අමුද්‍රව්‍යවලින් පරිසර හිතකාමී ලෙස කුඩා දරුවන් විසින් නිර්මාණය කළ මේ පහන් කූඩු වැඩිහිටි සැමට ද ආදර්ශයකි.