Print this Article


ඓතිහාසික කූරගල මහා පින්බිම යළි පිබිදුණ වගයි

ඓතිහාසික කූරගල මහා පින්බිම යළි පිබිදුණ වගයි

ඓතිහාසික කූරගල පුද බිමේ ඉදිවූ අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ දහස් ගණන් බොදු දනන්ගේ සාධු නද මධ්‍යයේ වෙසක් පුන් පෝදා ගෞතම සම්බුදු සසුනට පූජා කෙරිණි. නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ, වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන්, කැපවීමෙන් හා උත්සාහයෙන්, අසහාය මඟපෙන්වීමෙන් පිබිදුණු කූරගල පින්බිම වසර ගණනාවකට පසු මේ වෙසක් පුන් පෝදින සිට දම් සුවඳ, සිල් සුවඳ හමා යන පුණ්‍ය භූමියක් ව ලෝවැසි බොදු දනන්ගේ නමස්කාරයට, පුද පූජෝපහාරයට විවෘත ය.