[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

පෙරවරු - 6.00- 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 8.00-9.00 භාවනාව- වැලිමඩ පසන්නමානස හිමි, 9.00-10.00 ධර්ම දේශනය- මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය - අනුශාසනාව හා බුද්ධ පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ – අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00- 2.00 ධර්ම සාකච්ඡාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00-3.00 වෙසෙසි දෙසුම - ආචාර්ය ජයන්ත වත්තෙවිදානගේ මහතා, 3.00-4.00 ධර්ම දේශනාව - ත්‍රිපිටකාචාර්ය ජයන්ත වත්තෙවිදානගේ මහතා, 3.00-4.00 ධර්ම දේශනාව - ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 4.15-5.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00-6.00 ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව කටුබැද්ද විජයරූපාරාම ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පෝ දින අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, පෙරවරු 6.00-7.00 - අෂ්ඨාංගික උපෝසථ සීලය, සම්බුද්ධ පූජාව - ධර්මායතානාධිපති දම්ලපහළ ඤාණරතන නාහිමි, 8.00-9.00 ධර්ම දේශනය, හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9.00-10.00 ජාතක කතාව - දම්පහළ ඤාණසුධීර හිමි,10.15-11.00 ධර්ම දේශනාව – වැලිමඩ ඤාණාරාම හිමි, 11.00 ට දහවල සම්බුද්ධ පූජාව, පස්වරු 12.45-2.45 ගිහි දේශනය හා භාවනාව - ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 3.15-4.00 ධර්ම දේශනය – වඳුරඹ ඤාණාලංකාර හිමි, 4.00-5.00 පිරිත් සජ්ඣායනය - ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේ, 6.30-7.30 අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව, අනුශාසනාව හා පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිපති දම්පහල ඤාණරතන නාහිමි.

බුදුසරණ පුවත්පත ධර්ම දානය පිණිස බෙදාදීමේ දායකත්වය - ප්‍රදේශවාදී පින්වතුන් විසිනි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6 - 7 සීල සමාදානය, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය තල්පත්කන්දේ සිරිනන්ද හිමි 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව මඩවල ධම්මික ජිනවංශ හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය වැලිංගපොල සීලවංශ හිමි, 5.00 - 6.00 ධර්ම දේශනය මීගොඩ සුඛිත හිමි. රාත්‍රී 7.00 - 8.00 සම්බුද්ධ පූජාව 16 වැනි දින රාත්‍රී 7.00 - 8.00 තෙසැත්තෑ ඤාණ පූජාව මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි.

ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 -10.00 ධර්ම දේශනාව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, 10.00 - 11.00 ධම්ම පදයෙන් බිඳක් කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, මාවුස්සාගොල්ලේ මුදිත හිමි, පස්වරු 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය 3.00 - 4.00 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමි. 4.00 - 5.00 ධර්ම සාකච්ඡාව 5.00 - 6.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ඇතිමලේ සීලානන්ද හිමි, 7.00 - 8.00 ධර්ම දේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි.

කොබවක ශ්‍රී සුමනාරාමය

දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් මස පුර පසළොස්වක පෝදා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාමයේ දී පින්කම් රැසක් පැවැත්වේ. පෙරවරු 8.30 ට ධර්ම දේශනාව කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිකාරී, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක, වීරියගම අනුරුද්ධ හිමි, පෙරවරු 10.00 ට සදහම් වන්දනාව හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ 11.00 ට දහවල් සම්බුද්ධ පූජාව බේරුවල, මග්ගොන ශ්‍රී නිග්‍රෝධාරාමාධීපති කොබවක ධම්මසීවලී හිමි, සවස 2.00 ට භාවනාව වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, සවස 4.30 ට උපදේශන වැඩසටහන විශ්‍රාමලත් විදුහල්පති පේමරත්න ගමගේ මහතා රාත්‍රී 7.00 ට විශේෂ පහන් පූජාවක් සහිත ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජාව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ ධම්මාලෝක පිරිවෙන් විහාරවාසී, ඇතිලිවැවේ නන්දරතන හිමි විසිනි.

හම්බන්තොට සිංහගිරි විහාරය

උදේ 6.30 සිල් සමාදන් කරවීම, කිරි ආහාර පූජාව හා අනුශාසනාව, විතාරන්දෙණියේ වජිර හිමි, උදේ 7.00 බුද්ධ පූජාව හම්බන්තොට සුමේධ හිමි, උදේ 8.00 ධර්ම දේශනාව රිදියගම සමිතරතන හිමි, උදේ 9.00 භාවනාව මාමඩලේ මුදිත හිමි, උදේ 10.00 ජාතක කතා දේශනාව හීංබුන්නේ නාගිත හිමි, දහවල් 11.00 බුද්ධ පූජාව නුගේකන්දේ මංගල හිමි, සවස 1.00 ධර්ම සාකච්ඡාව ධර්මාචාර්ය ඩබ්ලිව්.ඒ. විජේදාස මහතා, සවස 3.00 ගිහි දේශනය ධර්මාචාර්ය ඩබ්ලිව් කොංගලආරච්චි මහතා, සවස 4.00 කවි බණ ඕපනායක සුජාත හිමි, සවස 6.00 ට බෝධි පූජාව හම්බන්තොට සමාධි හිමි, රාත්‍රී 7.00 ට තුන් සූත්‍ර දේශනාව විතාරන්දෙණියේ වජිර හිමි.

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංශ නාහිමිගේ අනුශාසනා පරිදි පුන් පෝ දින

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංස නාහිමි, උදෑසන 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 7.30 සිට 8.30 දක්වා ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී මීවැල්ලාවේ පඤ්ඤාරංසි තිස්ස හිමි, 8.45 සිට 9.30 දක්වා ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මාදුවේ කෝලිත හිමි, 9.45 සිට 11.00 දක්වා ධර්ම සාකච්ඡාව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක් ප්‍රියදර්ශන, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද, ධර්මාචාර්ය කේ.එම්.ආර්. කුමාරසිංහ මහත්මා ඇතුළු වියතුන් සහභාගී වෙති. 11.00 ට ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 01.15 සිට 2.15 දක්වා ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී දුටුවැව විමලඤාණ හිමි, 2.45 සිට 3.45 දක්වා ධර්ම දේශනාව දොම්පේ සියනෑ ජාතික පාසලේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි 4.00 සිට 5.00 දක්වා භාවනාව පස්වරු 6.00 ට ආශිර්වාද අටවිසි බෝධි පූජාව.

සංකල්ප විහාරය

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ඇතුළත් පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර ඇත. පෙරවරු 5.00 ට කිරි ආහාර බුද්ධ පූජාව 6.00 ට සීල භාවනා වැඩසටහන ආරම්භ වේ. මෙම සිල් වැඩසටහනට ගතාරේ ජිනරතන, හේනෙගම සද්ධා රතන, දේවාලේගම ඥාණරතන වැල්ලවායේ මහානාම යන හිමිවරුන්ගේ ධර්ම දේශනා ද සවස 6.00 ට සංකල්ප දහම් පාසල් දරුවන්ගේ වෙසක් කූඩු නිර්මාණය දැක්මක් පැවැත්වේ. පසුදින සවස 6.00 ට බත් දන්සලක් පැවැත්වේ.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව සහ අසූමහා ශ්‍රාවික පූජාව, පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව, 8.00 - 9.00 ධර්ම දේශනය වේරදුවේ මහින්ද හිමි, 9.30 - 10.30 ධර්ම දේශනාව වල්ගම සුමන හිමි, 10.45 සම්බුද්ධ පූජාව පස්වරු 1.00 - 2.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 2.30 - 3.30 සූත්‍ර දේශනාව 4.00 - 5.00 ධර්ම දේශනාව ගැමුණුපුර සෝමවංශ හිමි 6.00 මල් පහන් ගිලන්පස සහිත අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව සහ අසූමහා ශ්‍රාවිකා පූජාව.

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]