Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බත්තරමුල්ලේ පදිංචි දෙදරු පියෙක් වන බී.ජී.ජේ.ඩී. කුමාර (43) මහතා හට ඉතා ඉක්මනින් බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වා සිටියි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වේ නම් 0779487000 /0773451885 /0719945861 අංකවලට අමතන ලෙස ඉල්ලා සිටින අතර සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බව ද කියයි. හයිඩ් පාක් ශාඛාව මහජන බැංකුවේ එම්.එම්.එම්.ඒ. කුමාරසිරි නමින් ඇති 025200183278145 ගිණුමට ඔබේ ආධාර බැර කළ හැකි බව ද දන්වා සිටියි.

***

පුංචි අත් මඟ, පරවාහැර, කැකනදුර හි පදිංචි රුසිරු තරංග හෙට්ටිආරච්චි (33) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා සිටියි. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. එක්දරු පියකු වන ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා සෙබලකු ලෙස සේවය කරන බවද දන්වා ඇත. පරිත්‍යාගශීලියකු වේ නම් 0758002074 /0771924296 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

***

පාදුක්ක, බටවල, වල්පිට අංක 241/1 හි පදිංචි එච්.එම්. නුවන්ති (39) යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන බව දන්වා සිටියි. ඇයට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවද දන්වා ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0711 -718017, 0764714187 දරණ දුරකතන අංකයන්ට අමතන ලෙස ඉල්ලීමක් කරයි. මුදල් පරිත්‍යාගයක් කිරීමට කැමැති නම් එන්.ඩී.බී. බැංකුවේ ගිණුම් අංක 106002914169 ගිණුමට පරිත්‍යාග බැරකළ හැකි බව ද දන්වා සිටියි.