Print this Article


ධාතු මන්දිරය සහිත උපෝසථාගාරය විවෘත කිරීමේ පින්කමක්

ධාතු මන්දිරය සහිත උපෝසථාගාරය විවෘත කිරීමේ පින්කමක්

පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති කිරම නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සැදැහැති දායක පින්වතුන්ගේ ආධාරයෙන් අභිනවයෙන් ඉදිකරන ලද දර්ශනීය ධාතු මන්දිරය සහිත උපෝසථාගාරය මේ මස 09 වැනිදා මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් විවෘත කිරීමට නියමිත ය.

මේ නිමිති කොට දායක පින්වතුන්ටත් ලක්වැසි සැමටත් අශිර්වාද කිරීම පිණිස මැයි මස 07 වන දින රාත්‍රියේ සිට පැවැත්වෙන තිස් පැය හතේ පරිත්‍රාන දේශනාවකි. මැයි 12 දින දහවල් මෙම විහාරස්ථානයේ අධිපතිත්වය දරමින් වැඩ සිට අපවත් වී වදාළ පණ්ඩිත ශාස්ත්‍රපති හිත්තැටියේ උදිත නා හිමියන්ගේ සහ විහාරාධිපති දිවියාගහ පුඤ්ඤරතන හිමියන් ප්‍රධාන සඟ පරපුරේ අපවත් වී වදාළ සංඝරත්නයටත් පරලෝ සැපත් විහාරස්ථ දායක පින්වතුන්ටත් පින් පැමිණවීම සඳහා පැවැත්වෙන සඟසතු දානයකි.