Print this Article


නිල්මිණිගම සුමේධ නාහිමියෝ ද්විතීක සංඝනායක පදවි ලබති

නිල්මිණිගම සුමේධ නාහිමියෝ ද්විතීක සංඝනායක පදවි ලබති

ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයෙන් නිල්මිණිගම සුමේධ නාහිමියන්ට කෑගලු මහ දිසාවේ ශාසන සෝභන ගෞරව නාම සහිතව ද්විතීක සංඝනායක පදවිය පිරිනමා තිබේ.

උන්වහන්සේ විසින් ඉටු කරනු ලබන ආගමික, සමාජීය හා ශාසනික සේවාවන් අගයනු උදෙසා ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයෙන් මෙම පදවිය පිරිනමා ඇත.

බුලත්කොහුපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ බෞද්ධ අනුශාසක සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී තනතුරට පත් වීම තුළින් මෙම ආගමික සමාජ මෙහෙවර බුලත්කොහුපිටිය ප්‍රදේශය පුරා ප්‍රචළිත කිරීමට උන්වහන්සේට අවස්ථාව උදා වී ඇත.