Print this Article


අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමෙයි

අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමෙයි

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි සරසවි වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නමයට ම ඒ සාමාර්ථයන් ලබාගෙන උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය නිමවන තුරු ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගිය (19) වෙනිදා කිරිවෙහෙර විහාරස්ථානයේ දී පැවැත්විණි.

රුපියල් 5,000 බැගින් අධ්‍යාපන කටයුතු නිමවන තුරු ලබාදීමට නියමිත ය. මෙම අවස්ථාවට තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා ද සහභාගී විය.