Print this Article


වෙල් විදානෙගෙ දානය

වෙල් විදානෙගෙ දානය

එක් වෙල් විදාන කෙනෙක් භික්ෂූන් වහන්සේ සියක් නමකට දානයක් දීමට බාර ගත්තේ ය. ගමේ හැමෝටම මේ බව කියා දානයට අවශ්‍ය දේ සපයා ගත්තේ ය. අනතුරුව ඔහු හාමුදුරුවරු සියනමක් තම නිවසට වැඩමවා දානය පූජා කළේ ය. එහෙත් දානය සඳහා ඔහුට වැය වූයේ ලුණු පමණි.

හාමුදුරුවරු දන් වළඳා වෙල්විදානේගේ ගුණ සහ දීම පිළිබඳ වර්ණනා කළහ. එසේම මේ නිසා සතුටු වූ රජු වෙල් විදානේට බොහෝ තාන්න මාන්න ගරු නම්බු නාම ලබා දුන්නේ ය.

උපදේශය

අන්‍යයන් යොදවා බොහෝ වැඩ සිදුකර එය

තමන්ගේ ක්‍රියාවන් බව පෙන්වා ඉහළ තැන්වලින්

වරප්‍රසාද ලැබීම බලවත් වරදකි. ගෞරවය ලැබිය

යුත්තාට එම ගෞරවය ලබා දීමට නිහතමානි වන්න.