Print this Article


සංඝනායක පදවිය ලබති

සංඝනායක පදවිය ලබති

බුත්තල ඓතිහාසික යුදඟනාව රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමි වෙත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා කාරක සංඝ සභාව මඟින් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

1975 මැයි 26 වෙනි දින බඩල්කුඹුර කඳුකර කෝරළයේ ගල්ටැම්වත්ත ග්‍රාමයේ දී උපත ලද උන්වහන්සේ 1988 නොවැම්බර් 16 වැනි දින ගල්ටැම්වත්තේ චන්ද්‍රජෝති හිමියන්ගේ ආචාර්යත්වයෙන් සම්බුද්ධ ශාසනයට පිවිසියහ.

1995 මැයි මස 26 වෙනි දින මහනුවර අස්ගිරි මහා විහාරීය උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූ නන්දරතන හිමි පිරිවෙන් අධ්‍යාපනය නිමකොට අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්හ.

පසුකාලීනව කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන බෞද්ධ කටයුතු සමායෝජකයකු ලෙස බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරති.

මීට පෙර නිකායේ කර්මාචාර්යවරයකු ලෙස ද කටයුතු කළ උන්වහන්සේ බුත්තල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරීවරයකු ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.