බුදුසරණ යන්නෝ
සතර අපායේ නොවැටෙති
ගාල්ල දංගෙදර ,
ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ මහා විහාරාධිකාරි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
උපාධි අපේක්ෂක
මුතුකණ්ඩියේ සුනෙත්ත හිමි
සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ දීඝායු උපාසක සූත්‍ර දේශනාවේ සඳහන් වන ආකාරයට එක්
සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන සේක.
එකල දිනක් එම නුවර වාසය කළ තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයකු වූ දීඝායු උපාසකතුමා
බලවත් ලෙස අසනීප විය. මෙසේ දැඩි ලෙස අසනීපව සිටි උපාසකතුමා තම පියා වූ ජෝතිය
ගෘහපතියාට
"පියාණෙනි ඔබ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මා
ගැන පවසන්න" යැයි කීය.
"භාග්‍යවතුන් වහන්ස, තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයකු වූ දීඝායු වනාහි මගේ පුත්‍රයා
ය.
ඔහු මේ අවස්ථාව වන විට දැඩි ලෙස රෝගාතුර වී සිටින්නේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේ
නමස්කාර කරන බවත්, තමන්ට අනුකම්පා පිණිස නිවසට වැඩම කරන්නේ නම් මැනවි” යනුවෙන් පවසන
ලෙසත් මා හට නියම කළේ ය.
එබැවින් භාග්‍යවතුන් වහන්ස මාගේ පුත්‍රයාගේ පණිවිඩය රැගෙන මම මෙසේ තථාගතයන් මුණ
ගැසීම පිණිස පැමිණියෙමි. වඩින්නේ නම් මැනවි” යැයි ජෝතිය ගෘහපතියා පැවසී ය.
භාග්‍යවතුන් වහන්සේ පියතුමන්ගේ ආරාධනාව නිශ්ශබ්දතාවය පළ කොට පිළිගත් අතර වැඩම කළ
සේක.
දීඝායු අමතා පින්වත් දීඝායු උපාසකය, ඔබ දැඩි ලෙස ගිලන්ව සිටින බව පෙනේ. වේදනාවෙන් ද
යුක්ත වූ බව වැටහේ. කෙසේද?
මේ රෝගී වේදනාව ඉවසා දරා ගැනීමට අපහසු දැයි ඇසී ය. එවිට දීඝායු උපාසකයන්
"භාග්‍යවතුන් වහන්ස, මේ වේදනාව ඉතා දැඩිව දැනෙන්නේ ය. ඉවසන්න බැරි ය, අඩුවක්
නොදැනේ"
යැයි පිළිතුරු දුන්නේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ "දීඝායු එසේ නම් ඔබ මෙසේ හික්මිය
යුතු ය. මනස සන්සුන් කර ගත යුතුයි. තථාගතයන් වහන්සේ මෙසේ ගුණයෙන් යුක්ත ය. තථාගතයන්
දේශනා කළ සද්ධර්මය මෙසේ ගුණයන්ගෙන් යුක්ත ය. ආර්ය සංඝයා මෙසේ ගුණයන්ගෙන් යුක්ත ය.
එසේම පිරිසුදු ශීලය මෙසේ ගුණයන්ගෙන් යුක්ත ය. වශයෙන් මෙනෙහි කරන්න.
එසේ මෙනෙහි කිරීමෙන් ලැබෙන චිත්ත බලය උපයෝගී කොට ගෙන වේදනාව සමනය කර ගන්න" යැයි
අනුශාසනා කළ සේක.
එවිට දීඝායු "තථාගතයන් වහන්ස, සෝවාන් බව ලද හැකි සතර දහම මා ළඟ ඇත. එය මැනවින්
දනිමි යැයි පැවසී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ "එසේ නම් දීඝායු, ඉන් ඉදිරියට දහම
මෙනෙහි කරන්න.
ඉන් එහා ගිය දහම මෙනෙහි කරන්න. සියලු සංස්කාරවල අනිත්‍ය බව දකින්න. මෙනෙහි කරන්න.
දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව හා නිරෝධ සංඥාව ප්‍රහීණ කරන්න. විරාග සංඥාව හා නිරෝධ
සංඥාව ඇතිකර ගන්න යැයි වදාළ සේක.
එවිට දීඝායූ "භාග්‍යවතුන් වහන්ස, මම එලෙස සියලු සංස්කාර දහම අනිත්‍ය වශයෙන් දකිමින්
වි¼දීම නිරෝධ සංඥාව ද දකිමි. එලෙස දකිමින්, අවබෝධයෙන් යුක්තව වාසය කරමි. එහෙත් අප
තථාගතයන් වහන්ස, මාගේ පියා වූ ජෝතිය ගැන මා සිත තුළ දුකක් පවතී.
මා නැති කල ඔහු දුකට පත් වේ යැයි මා සිත තුළ සිතිවිල්ලක් පහළ වන්නේ ය." යැයි පැවසී
ය.
එවිට භාග්‍යවතුන් වහන්සේ "දීඝායු උපාසකය, එසේ නොසිතන්න. එසේ නොවන්නේ ය.
එබැවින් එය අමතක කොට, වදාළ සතර දහම නැවත නැවත මෙනෙහි කරන්න"
යැයි වදාළ භාග්‍යවතුන් වහන්සේ අනතුරුව නැවත ආපසු වැඩම කළ සේක. මෙසේ භාග්‍යවතුන්
වහන්සේ වැඩම කොට ටික වෙලාවකින් ඒ කුමාරයා මිය ගියේ ය.
එකල බොහෝ භික්ෂූන් වහන්සේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට පසෙකින් සිට
"දීඝායු උපාසකයන් මිය ගියේ ය. ඔහුගේ උපත කෙසේ සිදු වූයේ දැයි කෙටියෙන් වදාළ මැනැවි"
යැයි භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ දීඝායු වනාහි බඹ ලොව උපන්නේ ය.
සියලු සංයෝජනයන් නසා ඔහු එහි දී ඕපපාතිකව ම රහත් බව ලබා පිරිනිවන් පාන්නේ ය" යැයි
වදාළ සේක. මේ ආකාරයට බුද්ධ, ධම්ම, සංඝ තුනුරුවනේ ගුණ මෙනෙහි කරමින් මිය ගිය නිසා
බඹලොව ඉපදුණේ ය. එහිදී රහත්බව ලබා පිරිනිවන් පාන්නට තරම් වාසනාවන්ත වූවේ ය.
අපදාන පාලියේ විසි හතර වන අපදානයේ සඳහන් වන පරිදි.
“ යේ කේචි බුද්ධං සරණං ගතාසේ
න තේ ගමිස්සන්ති අපායං
පහාය මනුසං දේහං දේවකායං පරිපූරෙස්සන්ති”
මෙයින් දක්වා තිබෙන්නේ බුදු සරණ යන අය අපායට නොයන බව ය. ඒ වගේම තමයි ධර්මය ද, සංඝයා
වහන්සේ ද යමෙක් පිහිට කොට, සරණ කොට වාසය කරයි නම් ඒ අය ද සතර අපායේ නූපදින බවයි.
දීඝායු උපාසක කතා පුවත තුළින් පැහැදිලිවන ආකාරයට අපි හැම කෙනාම ශ්‍රද්ධාවෙන් යුක්තව
තෙරුවන් සරණ ගිය බෞද්ධ ශ්‍රාවකයන් බවට පත් වී සතර අපායෙන් මිදීමට උත්සාහ කරමු. |