[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ආනන්ද හාමුදුරුවෝ

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක ධුරය දැරුවේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ය. ආනන්ද හාමුදුරුවෝ සුද්ධෝදන රජතුමාගේ සහෝදරයා වූ අමිතෝදන ශාක්‍ය රජුගේ පුත්‍රයාණෝ ය. නිත්‍ය උපස්ථායක තනතුරට අමතරව ආනන්ද හාමුදුරුවන්ට තවත් තනතුරු රාශියක් ලැබුණි. ඉන් කිහිපයක් නම් ධර්ම භාණ්ඩාගාරික, බහුශ්‍රැත භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය, ස්මරණ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය, අවබෝධ ශක්තිය ඇති භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය සහ ධෛර්ය සම්පන්න භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය යනුවෙනි.

බුදුරජාණන් වහන්සේට මහත් ගෞරවයෙන් උපස්ථාන කළ ආනන්ද හාමුදුරුවෝ අනතිමානී ගුණයෙන් යුක්ත වූහ. උන්වහන්සේගේ චරිතයෙන් අප ජීවිතවලට ලබා ගත හැකි ආදර්ශ බොහෝ ය.

ගුරුවරයාට අසීමිත ලෙස ගරු කිරීම, තනතුරු සඳහා බලෙන් ඉදිරිපත් නොවීම, තනතුරක් ලබා ගැනීමේ දී එය ගෞරවාන්විතව ලබා ගැනීම, තනතුරේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම සහ තනතුර ගැන බලයෙන් උඩඟු නොවීම ආදියයි.

මෙම මහඟු ආදර්ශ අපගේ ජීවිතවලට ද එකතු කරගෙන ජීවිත සාර්ථක කර ගැනීමට අපි පුරුදු වෙමු.


රාහුල මාතා

භද්දකච්ඡානා, රාහුල මාතා, බිම්බාදේවි යන නම්වලින් හැඳින්වෙන මෙතුමිය අප කවුරුත් දන්නා යශෝධරා දේවිය යි. මෙතුමිය කෝලිය දේශයේ කුමරියකි. යශෝධරාවන්ට තරම් රූප සම්පත්තියක් වෙන කිසිදු ස්ත්‍රියකට පිහිටියේ නැත. සිදුහත් කුමරුගේ ශිල්ප පෙන්වීමෙන් අනතුරුව ඇය කුමරු සමඟ විවාහ වී අති සුන්දර මාළිගා ත්‍රිත්වයේ නොයෙක් සැප විඳි අතර, කුමරුගේ අභිනිෂ්ක්‍රමණයෙන් පසුව ද පති භක්තියෙන් ජීවත් වූවා ය. එය යශෝධරාවතෙහි නොයෙක් උපමාවලින් යුක්තව හැඩ ගන්වා ඇත. බුදුරදුන් කිඹුල්වතට වැඩිය පසු බුදුරදුන්ගේ පා යුග අභියස හඬා වැළපුණා ය. ඇය නන්ද, රාහුල කුමාරවරුන්ගේ සහ ගෝතමී දේවියගේ පැවිදිවීමත් සමඟ ගිහිගෙය කළකිරුණා ය. පැවිදි වූ පසුවත් නිරහංකාරව, නිහතමානීව සිටි මෙතුමිය අභිඥාලාභි තෙරණින් වහන්සේ අතර අග තැන්පත් වූවා ය. එහෙත් ඒ ගැන උඩඟු නොවූවා ය. වසර 78 දී පිරිනිවන් පෑ එතුමිය ප්‍රථම වරට ප්‍රාතිහාර්ය පෑවේ ද එදින ය.


මගේ ගුරුතුමිය

දැනුම දීල මග පෙන්වූ මගේ ගුරුතුමීව
ඔවදන් දුන් ආදරයෙන් මගේ ගුරුතුමීව
අනාගතේ සරු කරවූ මගේ ගුරුතුමීව
හිත නම් නෑ දාල යන්න මගේ ගුරුතුමීව

ශිල්ප සතර මා හට දුන් මගෙ ගුරුතුමීව
හරි වැරදිත් කියලා දුන් මගේ ගුරුතුමීව
ස්තූති වන්ත වෙනවා මම මගේ ගුරුතුමීට
දිගාසිරි පතනෙමි මම මගේ ගුරුතුමීට


ශ්‍රද්ධාව

ශ්‍රද්ධාව බෞද්ධ ප්‍රතිපදාවේ දොරටුවයි. ඉන් අදහස් වන්නේ ත්‍රිවිධ රත්නය පිළිබඳ මනා අවබෝධයෙන් යුක්ත ව ඇති කරගත් පැහැදීමයි. එම පැහැදීම ඔස්සේ නිවන් මඟ ගමන් කොට අවසානයේ දී සියලු කෙලෙස් නැති කිරීමෙන් සසර දුක නිමා කොට නිවන පසක් කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ වදාළ මෙකී ශ්‍රද්ධාව හුදු පැහැදීම, විශ්වාසය හෝ ඇදහීම නොවන අතර, තෙරුවන් ගුණ දැන නුවණින් ඇති කර ගත් ප්‍රසාදය යි. එය අකාරවතී ශ්‍රද්ධාව ලෙස හැඳින්වේ. ශ්‍රද්ධාව පෙරටු කරගෙන රාග, දෝස, මෝහ පාලනය කරමින් කටයුතු කරන තැනැත්තා නිවන අරමුණු කොට ආර්ය මාර්ගයේ ගමන් කරන්නෙකි.


බුද්ධ ප්‍රතිමා වහන්සේ ගමේ පන්සලේ හාමුදුරුවෝ විහාරය
ගව්රු හසරංග ජයසිංහ
02 ශ්‍රේණිය
සුචරිත දහම් පාසල
රාගම
සිත්මි ප්‍රමිෂා
08 ශ්‍රේණිය
මතුගම දහම් පාසල
රන්දෙනිගොඩයායේ ධම්මවිජය හිමි
මූලික බණදහම් පුහුණු ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය
හඳපානාගල

බක් පුර අටවක පෝය

අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ.
 09 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]